Test Footer 2

Breakfast pancakes

MAX Radio

SEND YOURE MESSAGE TO ADMIN

Name

Email *

Message *

NOTE

පරිගණකය බය නැතුව අත ගාන්න,අලුත් ගේම්ස් ඩවුන්ලෝඩ් කරගන්න,අලුත් ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න,අලුත් ගැජට් මේ හැම දෙයක්ම මෙම වෙබ් පිටුවෙන් ලගදීම බලාපොරොත්තු වෙන්න.. - ලංකා හිට් නිවුස්

Wednesday, November 12, 2014

ලංකා හිට් නිව්ස් දැන් නැවතත් ඔබ අතරට පැමිනෙන වගය්... පැවති සියලුම බාධක ජයගනිමින් නිව්වැරදි සත්ය පුවත් ගවේශනය යලිත් අරබන වගය්... රැදි සිටින්න ලංකාවේ අංක එකේ පුවත් බ්ලොග් අඩවිය සමග...

Tuesday, June 24, 2014

Read this

යම් ගැටලුකාරී තත්වයක් නිසා ලංකා හිට් නිව්ස් අඩවිය තුල පුවත් පල කිරීම
දින කිහිපයක් මගහැරෙනු ඇත.ඒ පිලිබදව අපගේ කනගාටුව පල කරන අතර අපත් සමග
මතුවටද රැදී සිටින ලෙස ඉල්ලා සිටින්නෙමු.. තවද ගොසිප් , පුවත් ලිපි අපවෙත
ලබාදීමට කැමැත්තක් දක්වන ඔබට ඒ සදහා පහත ඊමේල් ලිපිනය වෙත පනිවුඩයක් තබා
ෂෙරීන් සම්බන්දකර ගන්න..
Lankahitnewsinfo@gmail.com

Thursday, June 5, 2014

ආසියාවේ ලස්සනම කෙල්ල මෙන්න

පසුගියදා කොරියාවේදී පැවැත්වූ  Miss Asia Pasific 2014 තරඟයේ පළමු ස්ථානය දිනාගැනීමට මියන්මාරය නියෝජනය කරමින් තරඟ වැදී May Myat Noe සමත්වී තිබේ. කොරියාවේ  Kim Eea දෙවන ස්ථානයත්, මැකාවෝ දූපත්හි Hio Man Cha තුන්වන ස්ථානයත් දිනාගෙන තිබේ. මෙහි හතරවන හා පස්වන ස්ථානයන් පිලිවෙලින් පිලිපීනයත් ඉන්දියාවත් හිමිකරගෙන තිබේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවැදී නිලුක්ෂි අමන්දා එහි අවසන් තරඟකාරියන් 15 දෙනා අතරට තේරී තිබුණි. 

නිලුක්ෂි එම තරඟයට සහභාගී වූ අන්දම දැක්වෙන වීඩියෝව බලන්න පහතින්.

ගර්භණී නීතිඥවරියගේ කුස අත ගා වැඩ වරදී

ගර්භණී නීතිඥවරියගේ කුස අත ගා ඇයට ලිංගික අතවර කරන්නට තැත් කළ බව කියන 43 හැවිරිදි දෙදරු පියෙකු පෙරේදා (4 දා) කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා මල්කා තුෂාරි මහත්මිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නීතිඥවරිය සිය කළුතර නගර මධ්‍යයේ පිහිටි කාර්යාලයේ සිට මෝටර් රථය වෙත යමින් සිටියදී සැකකරු මෙසේ ඇයගේ උදරය අත ගා ලිංගික අතවර කරන්නට උත්සාහ කර ඇතැයිද ඔහු සමග නීතිඥවරිය පොර බදා ඇති අතර ඇය කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

සැකකරු හෝටලයක පැවැති සාදයකට සහභාගි වී ආපසු එමින් සිටියදී මෙම ලිංගික අතවරය නීතිඥවරියට කර ඇතැයිද සැකකරු ඊයේ දහවල් කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කර අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන් සිල්වා මහතාගේ උපදෙස් පිට කළුතර ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා මල්කා තුෂාරි මහත්මියගේ ප්‍ර්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

හැටන් පාසලක සිසුවියන් තනිකර අපයෝජන කරන ගුරෙක්

හැටන් අධ්‍යාපන කලාපයට අයත් හැටන් නගරයේ පිහිටි ප්‍රධාන පාසලක සේවය කරන එක්තරා තරුණ ගුරුවරයෙක් එම පාසලේ ඉහළ ශේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට නිරන්තර සිදුකරන ලිංගික අපයෝජන ක්‍රියා හමුවේ ඔවුන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින බව එම විදුහලේ ආරංචි මාර්ග පවසයි.

මෙම ගුරුවරයාට අදාළ විෂය ඉගැන්වීම සඳහා පාසලේ වෙනත් ස්ථානයක තනි පන්ති කාමරයක් වෙන්කර ඇති බවත් එම පන්ති කාමරයට තනි තනිව එම විෂය හැදෑරීමට පැමිණෙන ලෙස ගුරුවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවත් තනිව පැමිණෙන ශිෂ්‍යාවන් මෙසේ අපයෝජන ක්‍රියාවන්ට මෙකී ගුරුවරයා විසින් ලක් කිරීම හේතුවෙන් ශිෂ්‍යාවන් අසරණ වී සිටින බවත් පැවසේ.

අපයෝජනයට ලක්වු සිසුවියන් තම නිවෙස්වලට ගොස් ගුරුවරයාගේ ක්‍රියා පිළිබඳව දෙමාපියන්ට පැවසීමෙන් අනතුරුව එම දෙමාපියන් පාසලේ විදුහල්පතිවරයාට ලිතව හා වාචිකව පැමිණිලි කර ඇතත් විදුහල්පතිවරයා ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් පැවසේ. මෙම විදුහල්පතිවරයා පාසලේ සිසුන්ට මිලිටරි පාලනයක් ගෙන යන බවත් එම පාසලේ ගුරුවරුන්ගේ විනය විරෝධී ක්‍රියා හමුවේ මුනිවත රැකීම බරපතළ ප්‍රශ්නයක් බවත් දෙමාපියෝ කියා සිටිති.

අදාළ තරුණ ගුරුවරයා ඔහු පෙර සේවය කළ පාසලකදීද මෙවැනිම අපචාර ක්‍රියා කීපයකට සම්බන්ධව චෝදනා ලැබ සිටින අයකු බවද පැවසෙන අතර මොහු දැනට හැටන් නගරයේ උපකාරක පන්තියක් ද පවත්වාගෙන යයි. එම පන්තියට ප්‍රදේශයේ පාසල් ගණනාවක ශිෂ්‍යාවෝ විශාල පිරිසක් සහභාගි වෙති.

වසර ගණනක් තිස්සේ කලාපයේ උසස් පිළිගැනීමක් තිබූ මෙම විදුහලේ විනය හා අධ්‍යාපන තත්ත්වය ප්‍රදේශයේ වෙනත් පාසල්වලට වඩා ඉහළ මට්ටමක තිබූ අතර වත්මන් විදුහල්පතිවරයාගේ පාලනය හමුවේ ඉතා පහළ මට්ටමකට ඇද වැටී ඇති බවට දෙමාපියෝ චෝදනා කරති. තවද මෙම පාසලේ උසස් පෙළ පන්ති සඳහා නවක සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීමේදී රුපියල් 5000, 15,000 දක්වා මුදලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍ර ලේඛවලට පටහැනිව අය කිරීම හේතුවෙන් එම සිසුන්ගේ දෙමාපියෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති. මෙසේ අයකරගන්නා මුදල් හැටන් නගරයේ පිහිටි එක්තරා රාජ්‍ය බැංකුවක එම පාසලේ පාසල් සංවර්ධන සමිතිය නමින් පවත්වාගෙන යනු ලබන ගිණුමට බැර කර අදාළ බැංකු ලදු පත විදුහල්පතිවරයාට භාරදීමට අනිවාර්ය කර තිඛෙන බවත් ළමයින් පාසලට භාර ගන්නා අවස්ථාවේ මෙකී බැංකු ලදුපත ප්‍රමුඛතාවයක් ලෙස සලකන බවට විදුහල්පතිවරයා විසින් තමන් වෙත දැනුම්දී ඇති බවත් දෙමාපියෝ වැඩිදුරටත් කියා සිටිති.

නිරිතදිග මෝසම සක්‍රීයයි - අද සිට වැසි වැඩිවීමක්


නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපනය වී සක්‍රීය වීමත් සමග අද (06දා) සිට 09 දක්වා  කාලය තුළ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි වැඩි වීමට සහ දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වැඩි වීමට හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
අද (06දා) නිකුත් කරනලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, මෙම වැසි වයඹ පළාත දක්වාද පැතිර යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව​ සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද පෙන්වා දෙයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට විටින් විට වැසි ඇති විය හැකි බවත්, අනුරාධපුර, මඩකලපුව හා ත්‍රිකුණාමලයට අපරභාගයේදී හො‍් සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතින බවද කියයි.

රිහානා ගේ වෙළද දැන්වීමක් තහනම් කරයි

විනිවිද පෙනෙන ගවුමක් හේතුවෙන් පසුගියදා කථා බහට ලක්වු ගායන ශිල්පිනි රිහානාගේ වෙළද දැන්වීමක් තහනම් කරයි.

Rogue නැමති සුවද විලවුන් වර්ගය හදහා රිහානා යොදාගෙන නිර්මාණය කර තිබු ප්‍රචාරක පුවරු  ළමයින්ට නොපොනෙන තැන්වල පමණක් ප්‍රදර්ශණය කළ යුතු බවට එංගලන්ත අධිකරණයක් තීන්දු කර තිබේ.

මෙම වෙළද දැන්වීමේ යට ඇදුමකින් පමණක් පෙනී සිටින රිහානා සිය නිරුවත් උඩුකය දෑතින් ආවරණය කරගෙන දෙපා ඉහළට ඔසවා විශාල ප්‍රමාණයේ Rogue සුවද විලවුන් බෝතලයක තබාගෙන සිටියි.

මෙම ඉරියව්ව හැගීම් අවුස්සන සුළු එකක් බව සදහන් කරමින් එංගලන්ත දැන්වීම් අධිකාරිය මේ සම්බන්ධයෙන්  ගොනු කර තිබු නඩුවක් විභාග කර එම දැන්වීම ළමුන්ට නැරඹිය හැකි ආකාරයෙන් ප්‍රදර්ශණය කිරීම තහනම් කර තිබේ.

මේ අනුව එම දැන්වීම් ප්‍රසිද්ධ ස්ථානවලින් වහා ගලවා ඉවත් කරන ලෙස අදාල සමාගමට දැනුම් දී තිබේ.

මේ අතර ඇමරිකාවේ දී පැවති මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ වාර්ෂික සම්මාන උළෙලට විනිවිද පෙනෙන ගවුමක් හැද ඉදිරිපත්වු රිහානා  එහි මුල් තැන දිනුවාය.සම්පුර්ණයෙන්ම විනිවිද පෙනෙන දැල් වැනි රෙද්දකින් මසා ඇති මෙම ගවුම පළිගු වලින් ඔප දමා තිබිණි.

මරදානේ ප්‍රධාන පාසලක දෙමාපිය ගුටි කෙළියකින් මවක් රෝහලේ

කොළඹ, මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක දෙමාපියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් මවක තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, පාසලේ පරිපාලනය පිළිබඳව දෙපාර්ශවය අතර පැවති මතභේදයක් දුරදිග යාමෙන් එම ගැටුම ඇති වූ බව ය.
අද පෙරවරුවේ ඇති වූ මෙම ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශවය ම මරදාන පොලීසියට පැමිණිලි කර තිබේ.
ගැටුමෙන් තුවාල ලැබූ මව ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මෙම ගැටුම පිළිබඳව මරදාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

අසභ්‍ය චිත‍්‍රපට නැරඹීම මොළයට බලපාන හැටි

කාමෝද්දීපන සිනමා හෝ ඡයාරූප වැඩිපුර නැරඹීම හා මොළයේ ප‍්‍රමාණය අඩුවීම අතර සම්බන්ධයක් තිබිය හැකි බව පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
බර්ලින් නුවර මානව සංවර්ධනය පිළිබඳ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ විද්‍යාඥයින් විසින් සිදුකර ඇති පර්යේෂණය සඳහා වයස අවුරුදු 21 සිට 45 අතර සෞඛ්‍ය සම්පන්න පිරිමින් 64ක් තෝරාගෙන ඇති අතර ඔවුන්ගේ කාමුක සිනමා නැරඹීමේ පුරුදු පිළිබඳ ප‍්‍රශ්න විමසමින් එය සහ මොළයේ එම්.ආර්.අයි ඡයාරූප අතර සබඳතාවය පිරික්සා බලා තිබේ.
නියැදියේ කාමුක සිනමා නැරඹීමේ සාමාන්‍ය කාලය සතියකට පැය 4ක් වූ බව වාර්තා වේ.

මේ පිලිඹඳ Video පටය සහ Photos: soon on
එහිදී නිරීක්ෂණය කර ඇත්තේ ඔවුන්ගේ පෙර මොළයේ පිහිටා ඇති ස්ටි‍්‍රයේටම් ප‍්‍රදේශයේ අළු පැහැ ද්‍රව්‍ය පරිමාව සාමාන්‍ය පුද්ගලයන්ට වඩා අඩු වන බවයි.
ස්ටි‍්‍රයේටම් ප‍්‍රදේශය මගින් පෙළඹුම හා ශාරීරික චලනය අතර සමායෝජනය හසුරුවන අතර සංකීර්ණ සමාජයීය සබඳතාවකදී පුද්ගල චර්යාවන්ගේ සිට සියුම් සහ ස්වේච්ඡනුගත චලනයන් වැනි හැසිරීම් වලට බලපාන බව සැලකේ.
එමෙන්ම කාමුක ඡයාරූප බලන මොහොතේදී පවා ස්ටි‍්‍රයේටමයේ අළු පැහැ ද්‍රව්‍ය පරිමාව අඩුවන බවද නිරීක්ෂණය කර තිබේ.
විද්‍යාඥයින් පවසා ඇත්තේ මෙම පර්යේෂණය මගින් හෙළිවූවේ කාමුක ද්‍රව්‍ය නැරඹීම සහ මොළයේ ප‍්‍රමාණය අතර අන්තර් සම්බන්ධතාවය මිස හේතුවම නොවිය හැකි බවයි.

නිව්යොර්ක් නගරයේ නිරුවත් වු නිළියක්

ප්‍රකට  ඡායාරූප හුවමාරු  සමාජ ජාලයක් වන Instagram  හි අඩනිරුවත් කාන්තා ඡායාරූප පලකිරීම අවහිර කිරීමට එරෙහිව තරුණ නිළියක්  උඩුකය නිරුවතින් ඇමරිකාවේ නිව්යොර්ක් නගරය පුරා ඇවිද යයි.

ප්‍රකට නළු නිලී යුවලක් වන  බෘස් විල්ස් සහ ඩෙමී මුවර්ගේ දියණිය වන ස්කොට් විල්ස්  සදහන් කර ඇත්තේ කාන්තා උඩුකය යාන්තමින් පෙනෙන ඡායාරූපයක්වත් හුවමාරු කර ගැනීමට Instagram හරහා අවකාශ නොමැති බවයි.

Instagram එලෙස වාරණය කළත්  උඩුකය නිරුවතින් වුව ඇවිද යාමට  ඇමරිකාවේ නිව්යොර්ක් නගරයේ අවසර ඇති බව පෙන්වීමට තමන් එලෙස ඇවිද ගිය බව ස්කොට් විල්ස් පවසා තිබේ. තමන් Instagram  ඡායාරූප ජාලයට ඉතා ආදරය කරන බවත් එහි ඇති ඇතැම් සීමා ඉවත් කර ගැනීම සදහා එලෙස සටන් කළ බවත් ඇය සදහන් කරන්නීය

තමා නිව්යොර්ක් නගරයේ උඩුකය නිරුවතින් ඇවිද ගියේ Instagram අනවශ්‍ය සීමා ඉවත් කර ගැනීම සදහා බව ඇය කියයි.

තමන් ධනවත් සහ ජනප්‍රිය පවුලක දියණියක් වුව ඒ සියල්ල මොහොතකට අමතක කර දමා සිය මෙම විරෝධතාව පළ කලේ Instagram  රැකගැනීමට බව ඇය කියයි

‘ලක්ෂපති’ වැඩසටහනේදී තරගකරුවෙකු රටේ නායිකාවගේ සහය පතයි (PHOTOS)

ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇති ‘Who wants to be a millionaire’ රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජර්මානු නිෂ්පාදනයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් ඊයේ වාර්තා විය.
එම වැඩසටහනට ආරාධිත තරගකරුවෙකු ලෙස සහභාගි වී සිටියේ, ජර්මන් රජයේ ප්‍රතිපත්ති සම්පාදකයෙකු වන වුල්‍ෆ්ගැන්ග් බොස්බැක් (Wolfgang Bosbach) නමැත්තෙකි.
ඔහු ජර්මානු චාන්සෙලර් ඇන්ගෙලා මර්කල් සමීපව ඇසුරු කරන විද්වතෙකි.
එහිදී ඔහුට යොමුවූ ප්‍රශ්නයකින් විමසන ලද්දේ, නැගෙනහිර ජර්මනි‍ය නිෂ්පාදනය කළ WM66 නමැති රෙදි සෝදන යන්ත්‍රය ඉතිහාසගත වූයේ, කුමන හේතුවක් මත ද යන්න ය.
එම ප්‍රශ්නයට පිළිතුර වුල්‍ෆ්ගැන්ග් බොස්බැක් දැන නොසිටි අතර ඔහු ඒ සඳහා සහය ලබා ගැනීමට ‘phone-a-friend’ අවස්ථාව ලබා ගත්තේ ය. (එම ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වූයේ, අදාළ රෙදි සෝදන යන්ත්‍ර පළතුරු ගබඩා කිරීම සඳහා භාවිත කිරීම හේතුවෙන් ඉතිහාසගත වූයේ ය යන්න ය.)
ඔහු සහය පැතුවේ අන් කවරෙකුගෙන්වත් නොව ජර්මානු චාන්සෙලර්වරියගෙනි.
ඇය නැගෙනහිර ජර්මනියේ උපන් තැනැත්තියක වන හෙයින් නිසැකව ම පිළිතුරු දෙනු ඇතැයි ඔහු එහිදී විශ්වාසය පළ කළේ ය.
කෙසේ වෙතත්, ඇන්ගෙලා මර්කල් සම්බන්ධ කර ගැනීමට ඔහු දැරූ උත්සහය දෙවරක් ම අසාර්ථක විය.
නිවැරදි පිළිතුර ලබා දුන්නේ නම් වුල්‍ෆ්ගැන්ග් බොස්බැක්ට හිමි වන මුදල යුරෝ 500000ක් විය.
එහෙත්, ඇන්ගෙලා මර්කල් සම්බන්ධ කර ගැනීමට අපොහොසත් වීම නිසා ඔහුට යුරෝ 125000ක් පමණක් දිනා ගැනීමට සිදු විය.
පසුව, ඇන්ගෙලා මර්කල් ඔහුට එවන ලද කෙටි පණිවුඩයක දැක්වුණේ, “Ok whatever it was, warm greetings from am.” යනුවෙනි.
(‘Who wants to be a millionaire’ වැඩසටහනේ ශ්‍රී ලංකා නිෂ්පාදනය සිරස ටීවී ඔස්සේ සෑම සිකුරාදා දිනක ම රාත්‍රී 9.00ට විකාශය වේ)

කලිසම අස්සේ කුරුළු කූඩුවක්

ගුවන් මගියකුගේ කලිසමක් ඇතුලේ සඟවාගෙන සිටි පැනි කුරුල්ලන් හා ෆින්ච් වර්ගයේ කුරුල්ලන් 66ක් කියබානු රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබේ. කියුබාවේ සිට ඇමෙරිකාව බලා යාමට සූදානම් වූ අවස්ථාවේදී මෙසේ ඔහු අත්අඩංගුවට පත්වී ඇත.  
කියුබාවේ අග්‍රොමොන්ටේ ගුවන් තොටුපලේ රේගු නිලධාරීන් විසින් ඔහු පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එයට පෙර ඔහු පවසා ඇත්තේ තම මුණුපුරාට පරෙවියෙකු සිය කලිසම තුල රැගෙන යන බවය. පසුව කලිසම ගලවා පරික්ෂා කිරීමේදී මෙම කුරුල්ලන් 66 දෙනා සොයා ගැනීමට හැකිවී ඇත.
එම කුරුල්ලන්ට චලනය වීමට නොහැකි අයුරින් ඔහුගේ කලිසමට කුරුල්ලන් අලවා තිබී ඇත. රේගු නිලධාරීන් විසින් කුරුල්ලන් සොයාගන්නා විට කුරුල්ලන් දෙදෙනෙකු මියගොස් සිට ඇත.

නයනා කුමාරිගේ ගේ හොරු කඩති

සුප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළි නයනා කුමාරි පදිංචිව සිටින මාලබේ පොතුවරාව ප්‍රදේශයේ පිහිටි නිවෙසට ඊයේ මැදියම් රාත්‍රි පිටුපස ‍ෙදාර කඩා ඇතුළු වී ඇති සොරුන් කීපදෙනකු එම නිවෙසේ තිබූ රුපියල් දෙලක්ෂ පහළොස් දහසක් වටිනා මුදල් හා රන් ආභරණ සොරාගෙන ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කෙළේ එම නිවෙසේ තිබූ සැකකටයුතු ඇඟිලි සලකුණු අටක් හමුවී ඇති බවයි.
මේ සොරකම පිළිබඳ ඊයේ උදේ පොලිස් හදිසි ඇමැතුම් අංශයට පැමිණිලි කිරීමෙන් පසු තලංගම පොලිසිය එම නිවෙසට ගොස් පරීක්ෂණ ආරම්භ කරන ලදී.
ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට පොලිස් විද්‍යාත්මක පර්යේෂණ නිලධාරීන්ද කැඳවා තිබිණි. තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

රිහානාගේ නිරුවත​. සම්පූර්ණ ඇගම එලියට පේන්න ඇඳලා

ලෝකයේ  ජනප්‍රියම පෝප් ගායිකාවක් තමයි රිහානා කියන්නේ.රිහානා ප්‍රසිද්ධ ගායිකාවක් හැටියට වුණත් දැන් අපි ‍කියන්න යන ආරාංචියනම් ගායනයට සම්බන්ධ දෙයක් නෙවෙයි. පසුගිය දවස්වල රිහානා ලෝක ප්‍රසිද්ධ සඟරාවල මුල් පිට කවර වලට පවා අඩ නිරුවත් ඡායාරූප වලින් පෙනී සිටියා කියලා මේ වන විට කවුරුත් දන්න දෙයක්. නමුත්  දැන් අපි කියන්න යන්නේ නිරූපණ ක්ෂේත්‍රය ගැන ආරංචියක්‍.
ඒ මොකක්ද දන්නවද? පසුගිය දවස්වල අමෙරිකාවේ තිබුණා Fashion Designers of America Awards කියලා සම්මාන උළෙලක්.එ උත්සවයට දක්ෂ මෙන්ම ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පියන්ගේ නිර්මාණ ඉදිරිපත් කරලා තිබුණේ. එම උත්සවටය ජනප්‍රිය පුද්ගලයින් විශාල  ප්‍රමාණයක් ඇඳුම් නිර්මාණවලින් සුසැදිලා  ඉතාමත් ආස්වාදනීය අයුරින් ඇවිල්ලා හිටියේ. එම උත්සවයට රිහානාත් ඇඩම් සෙල්මන් (Adam Selman) විසින් නිර්මාණය කළ ඉතා මනරම්, කාමය උද්දීපනය ඇවිස්සෙන සුළු, ඇගේ ශරීරය හොඳින් දිස්වන ඒ වගේම වටිනා කියන ඇඳුමකින් තමයි සැරසිලා එදා හිටියේ.
රිහානා සැරසිලා හිටිය ඒ ඇඳුම ඇඩම් සෙල්මන් විසින් නිර්මාණය කරලා තිබුණේ CRISTAL  දෙලක්ෂ දාසය දහසක් උපයෝගී කරගෙන.ඉතින් ඒ ඇඳුමේ තියෙන සුවිශේසීභාවයට නිසා Fashion Icon Award නැමැති සම්මානයත් හම්බවෙලා.

අනතුරු ඇඟවීමයි! ධනවතුන් පවා හිඟමනට වට්ටන භයානක පරිගණක වෛරසයක්

ධනවතුන් සිඟමනට ඇද දමන ප්‍රබල පරිගණක වෛරසයක් මේ වන විට ව්‍යාප්තව පවතින බවට බ්‍රිතාන්‍ය අපරාධ ඒජන්සිය අනතුරු අඟවයි.
එම ආයතනය පවසන්නේ, මේ වන විට ලොව පරිගණක විශාල සංඛ්‍යාවක් එම වෛරසයට ගොදුරු වී ඇති බව ය.
බ්‍රිතාන්‍යය තුළ පමණක් එම වෛරසයේ ප්‍රහාරයට ලක්වූ පරිගණක සංඛ්‍යාව 15000කි.
එම වෛරසය හරහා පරිගණක තුළ ඇති රහස් ලියවිලි, ඡායාරූප, වීඩියෝ ආදී සියල්ල සඟවා ගන්නා අතර ඒවා යළි ලබා ගැනීමට අවශ්‍ය නම් කප්පම් මුදලක් ගෙවීමට සිදුවනු ඇත.
ඊට අමතරව, මෙම වෛරසයේ ඇති භයානක ම ලක්ෂණය වන්නේ, ඉන්ටර්නෙට් හරහා ගෙවීම් කිරීමේදී බැංකු ගිණුම්වල ඇති මුදල් සියල්ල ලබා ගැනීම ය.
ඒ මගින් මුදල් ගිණුම් හිස් කිරීමට එම වෛරසයට ගත වන්නේ, සති දෙකක පමණ කාලයක් පමණි.
අදාළ සති දෙකක කාලය තුළ වෛරසය විනාශ කිරීමට පියවර නොගතහොත් විශාල කරදරවලට මුහුණ දීමට පරිගණක හිමිකරුට සිදු ව ඇත.