ප්‍රකට ඡායාරූප හුවමාරු සමාජ ජාලයක් වන Instagram හි අඩනිරුවත් කාන්තා ඡායාරූප පලකිරීම අවහිර කිරීමට එරෙහිව තරුණ නිළියක් උඩුකය නිරුවතින් ඇමරිකාවේ නිව්යොර්ක් නගරය පුරා ඇවිද යයි.
ප්‍රකට නළු නිලී යුවලක් වන බෘස් විල්ස් සහ ඩෙමී මුවර්ගේ දියණිය වන ස්කොට් විල්ස් සදහන් කර ඇත්තේ කාන්තා උඩුකය යාන්තමින් පෙනෙන ඡායාරූපයක්වත් හුවමාරු කර ගැනීමට Instagram හරහා අවකාශ නොමැති බවයි.
Instagram එලෙස වාරණය කළත් උඩුකය නිරුවතින් වුව ඇවිද යාමට ඇමරිකාවේ නිව්යොර්ක් නගරයේ අවසර ඇති බව පෙන්වීමට තමන් එලෙස ඇවිද ගිය බව ස්කොට් විල්ස් පවසා තිබේ. තමන් Instagram ඡායාරූප ජාලයට ඉතා ආදරය කරන බවත් එහි ඇති ඇතැම් සීමා ඉවත් කර ගැනීම සදහා එලෙස සටන් කළ බවත් ඇය සදහන් කරන්නීය
තමා නිව්යොර්ක් නගරයේ උඩුකය නිරුවතින් ඇවිද ගියේ Instagram අනවශ්‍ය සීමා ඉවත් කර ගැනීම සදහා බව ඇය කියයි.
තමන් ධනවත් සහ ජනප්‍රිය පවුලක දියණියක් වුව ඒ සියල්ල මොහොතකට අමතක කර දමා සිය මෙම විරෝධතාව පළ කලේ Instagram රැකගැනීමට බව ඇය කියයි
0 comments:
Post a Comment