බඩල්කුඹුර
- මඩුකොටන්අරාව ප්‍රදේශයේ පදිංචි දහතුන් හැවිරිදි දැරියක ඇයගේ පියා විසින්
දූෂණය කිරීම නිසා ගැබ්ගෙන ඇතැයි බඩල්කුඹුර පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් තිස්හය හැවිරිදි තිදරු පියා අත්අඩංගුවට ගෙන ඇත. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
අතවරයට ලක්වූ දැරියගේ මව මැදපෙරදිග රටක ගෘහසේවිකාවක ලෙස සේවය කරන අතර ඇයගේ දරුවන් තිදෙනා ආච්චි අම්මා ළඟ නතර කර ඇතැයි අනාවරණය වේ.
දැරිය පමණක් සිටින අවස්ථාවන්හිදී නිවෙසට පැමිණ ඇති පියා වරින් වර ඇය සමඟ අඹු - සැමියන් ලෙස හැසිරී ඇත. ඒ පිළිබඳ කිසිවකුට පැවැසුවහොත් මරන බවටද තර්ජනය කර තිබේ.
දැරියගේ ශාරීරික වෙනස්කම් දැක ආච්චි අම්මා විසින් ප්‍රශ්න කිරීමේදී මෙම අපරාධයේ සුලමුල හෙළිවීමෙන් පසු පොලිසියට පැමිණිලි කර තිබේ. බඩල්කුඹුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

0 comments:
Post a Comment