ලබන
ජුනි 12 වැනිදා බ්රසීලයේදී ආරම්භවීමට නියමිත ලෝක කුසලාන පාපන්දු
තරගාවලිය හේතුවෙන් එහි ලිංගික සංචාරක කර්මාන්තය හා ළමා ගණිකා සේවය (sex
tourism and child prostitution) ඉහල යාමේ අවදානමක් ඇති බව විදෙස් වාර්තාවල
දැක්වේ.
ද
ටයිම්ස් වාර්තා කර තිබුණේ ලෝක කුසලානය නැරඹීමට පැමිණෙන විදේශිකයන්ට
ගණිකාවන් ලෙස බාලවයස්කාරියන් ලබාදීමට ඇතැම් කණ්ඩායම් සුදානමින් සිටින බවයි.
බ්රසීලයේ වෙසෙන මිලියන බාගයක් පමන වන දුප්පත් හා ග්රාමීය පිරිස් සිය ඇඟ විකිණීම සිදු කරන බවද පැවසේ.
බොහෝ තරුණියන් ගණිකා තැරැව්කරුවන් හරහා මෙසේ සංචාරකයන්ට සේවය සපයන බවද වාර්තා වේ.
මේ
අතර, ද ඉන්ඩිපෙන්ඩන්ට් වාර්තා කර ඇත්තේ ගණිකාවන් ලොක කුසලාන පන්දු
තරගාවලියට සූදානම් වීමක් ලෙස ඉංග්රීසි පාඩම් හා ක්රෙඩිය් කාඩ් පහසුකම්
සම්බන්ධයෙන් උනනුදුවෙන් පසුවන බවයි.
එසේම ගණිකාවන්ට ඉංග්රීසි ටියුෂන් ලබා දෙන්නේ නොමිලේ බවද ඇතැම් විදෙස් වාර්තාවල දැක්වේ.
එසේම ගණිකාවන්ට ඉංග්රීසි ටියුෂන් ලබා දෙන්නේ නොමිලේ බවද ඇතැම් විදෙස් වාර්තාවල දැක්වේ.
සිය
දේශය ලිංගිකත්වයට පත්කරන බවට බ්රසීල බලධාරීන් විසින් ඇඩිඩාස් සමාගමට
චෝදනා කිරීමෙන් පසුව ඔවුන් ඇඩිඩාස් ටී-ෂර්ට් විකිණීමද අත්හැර දමා තිබේ.
ඇඩිඩාස් මේ ලෝක කුසලානයේ ප්රධාන අනුග්රහකයකු හා පා පන්දු සපයන්නකු වේ.
0 comments:
Post a Comment