අද
උදෑසන පාදුක්ක, තුන්නාන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව අතරතුර තුවාල ලැබූ
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා අවිස්සාවේල් රෝහලට ඇතුළත් කර තිබේ.
අවිස්සාවේල්ල රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ, මේ වන විට පොලිස් ස්ථානාධිපතිවරයා සැත්කමකට භාජාන කරමින් සිටින බව ය.
අද උදෑසන එම ප්‍රදේශයේ විරෝධතාවක් පැවති අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළේ ය.
ප්‍රදේශවාසීන් පිරිසක් මෙම විරෝධතාව පැවැත්වූයේ, ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකට විරෝධය පළ කරමිනි.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මේ අතර විරෝධතාව හේතුවෙන් වසා තිබූ හයිලෙවල් මාර්ගය යළි විවෘත කර තිබේ.




Sri Lanka Rupee Converter
0 comments:
Post a Comment