මලයාසියානු
පොලීසිය අතුරුදන් ගුවන් යානය මෙහෙය වූ නියමුවන් දෙදෙනාගේ දේශපාලන,
පෞද්ගලික සහ ආගමික පසුබිම විමර්ශනය කිරීම ආරම්භ කර තිබේ.
මලයාසියානු
පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා
කර ඇත්තේ, අදාළ යානයේ ගමන් කළ කාර්ය මණ්ඩල සේවකයින්ගේ පසුබිම කිරීම කෙරෙහි
ද විමර්ශනවල නිරත නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව ය.
ගුවන්
නියමුවන්ගේ සහ කාර්ය මණ්ඩලය කෙරෙහි විමර්ශකයින්ගේ අවධානය යොමු වීමට හේතුව
වී ඇත්තේ අදාළ යානය, ගුවන් පථයෙන් මිදී පැය ගණනක් වෙනත් දිශාවකට පියාසර
කර ඇති බව අනාවරණය වීමෙන් පසු ව ය.
එමෙන්
ම යානය සොයා ගැනීමේ සඳහා මලයාසියානු රජය තව දුරටත් ජාත්‍යන්තරයේ සහය
බලාපොරොත්තු වන බව එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
මේ
අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මලයාසියානු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ,
අතුරුදන් යානයේ සන්නිවේදන පද්ධතිය යම් කිසි පුද්ගලයෙකු හිතාමතා ම අක්‍රිය
කර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ය.
කෙසේ
වෙතත් මේ වන විට සතියක් ඉක්ම ගොස් ඇත ත් මගීන් 239 දෙනෙකු රැගෙන
මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියසාර කරමින් තිබූ
එම්.එච්. 370 යානයට කුමක් සිදුවූවේ ද? යන්න තව දුරට ත් අභිරහසකි
0 comments:
Post a Comment