අතුරුදන්
මලයාසියානු ගුවන් යානය සොයා ගත් බව පවසමින් සයිබර් සොරුන් පිරිසක් විසින්
ෆේස්බුක් ඔස්සේ සිදු කරනු ලබන වැරදි ප්‍රචාරණයක් මේ වන විට ලොව පුරා
ෆේස්බුක් පරිහරණය කරන්නන් අතර පැතිරෙමින් පවතී.
අතුරුදන්
ගුවන් යානය හමු වූ බව ත් එය සත්‍ය බව ත් හැඟවීමට එම සයිබර් සොරුන් විසින්
විවිධ වීඩියෝ පට හා ඡායාරූප භාවිත කරමින් ෆේස්බුක් හරහා මෙම ප්‍රචාරණය ගෙන
යනු ලබයි.
ඔවුන්
අදාළ ප්‍රචාරණයන් තුළින් වැඩි දුරට ත් පවසන්නේ, ගුවන් යානය බර්මියුඩා
ත්‍රිකෝණයේදී සොයා ගෙන ඇති බව ත් එහි සිටි මගීන්ට කිසිඳු හානියක් සිදු ව
නොමැති බව ත් ය.
මීට
අමතරව අදාළ ප්‍රචාරණය වෙත ෆේස්බුක් ප්‍රේක්ෂකයින්ගේ අවධානය ඉක්මනින් යොමු
කර ගැනීම අරමුණින් “Breaking” “Shocking video” යන වචන ද සමහර ප්‍රචාරණයන්
සඳහා යොදා ගෙන තිබේ.
0 comments:
Post a Comment