Test Footer 2

Breakfast pancakes

MAX Radio

SEND YOURE MESSAGE TO ADMIN

Name

Email *

Message *

NOTE

පරිගණකය බය නැතුව අත ගාන්න,අලුත් ගේම්ස් ඩවුන්ලෝඩ් කරගන්න,අලුත් ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න,අලුත් ගැජට් මේ හැම දෙයක්ම මෙම වෙබ් පිටුවෙන් ලගදීම බලාපොරොත්තු වෙන්න.. - ලංකා හිට් නිවුස්

Friday, March 28, 2014

මීගමුව රෝහලේදී ඝාතනයට ලක්‌වූ ඇඟලුම් සේවිකාවගේ නඩු විභාගය - මගේ නාඩි වැටීම පරීක්‍ෂා කරමින් පොලිසිය මට පහර දුන්නා

මීගමුව රෝහලේ උඩුමහලකින් වැටී මියගිය තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මා අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පැවසූ අවස්‌ථාවේ මට අදහාගන්න බැරි වුණා. මාව පොලිසියට රැගෙන ගොස්‌ පොලිස්‌ නිලධාරීන් මට වධ දුන්නා. ලේස්‌ පටියකින් ඇඟිලි බැඳ දමා මට එල්ලා පහර දුන්නා. මේ තත්ත්වය යටතේ කලකිරී සිටි මා රෙදි පටියකින් ගෙල සිරකර ගෙන පොලිස්‌ කූඩුවේ එල්ලී දිවි හානිකර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණා යෑයි වෛද්‍ය බාලගේ ඉන්දික සුදර්ශන (44) යන අය මීගමුව මහාධිකරණය හමුවේ බස්‌නාහිර පළාත් මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා හමුවේ (26 දා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පැවැසීය.

වෛද්‍ය බාලගේ ඉන්දික සුදර්ශන නමැත්තා එම ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවේ මීගමුව මහාධිකරණයේ විත්ති කූඩුවේ සිටය. පියයුරු සැත්කමකින් පසු මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලට වෛද්‍ය සායනයක්‌ සඳහා 2007 නොවැම්බර් මස 12 වැනි දින පැමිණි කටුනායක නිදහස්‌ වෙළෙඳ කළාපයේ 'ස්‌මාට්‌' ෂර්ට්‌ ආයතනයේ ඇඟලුම් සේවිකාවකව සිටි රූමත් 22 හැවිරිදි තරුණියක්‌a වූ මොනරාගල දවුලුගල පදිංචිව සිටි චමිලා දිසානායක (22) මෙනවිය රෝහල් පරිශ්‍රය තුළදී අමානුෂික ලෙස දූෂණය කර පසුව ඇය රෝහලේ හයවැනි මහලින් බිමට තල්ලු කොට කෲර ලෙස මරා දැමීම සම්බන්ධයෙන් වෛද්‍ය බාලගේ ඉන්දික සුදර්ශන (44) යන අයට එරෙහිව පැවැති නඩු විභාගයේදී ය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දුÊසහ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත බාලගේ ඉන්දික සුදර්ශන (44) නමැත්තා විත්ති කූඩුව තුළ සිට තම ප්‍රකාශ තවදුරටත් පවසමින් මෙසේ ද පැවැසීය. "මා නොකළ වරදක්‌ මත මෙම සිද්ධියට මා අත්අඩංගුවට ගැනීම නිසා එදා සිට මා මොහොතක්‌ පාසා මැරි මැරී යළි ඉපදෙනවා. මේ නිසා මගේ සහ මගේ දෙමාපියන් තැබූ බලාපොරොත්තු සහ මගේ ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ වුණා. මගේ ගම මරදන්කඩවල. මා ගමේ පාසලට ගියේ. 5 ශිෂ්‍යFවයේ පිහිට නිසා මා මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළත් වී ඉන් අනතුරුව වෛද්‍ය විද්‍යාලයෙන් එම්.බී.බී.එස්‌ වෛද්‍යවරයකු වී සීමාවාසික වෛද්‍ය පුහුණුqවට මීගමු රෝහලට ආවා.

පසුව රාගම රෝහලේ හෙද නිලධාරිනියක සමඟ විවාහ වීමෙන් අනතුරුව මීගමුව රෝහලේ හයවනි මහලේ මට ලැබුණ කාමරයේ මගේ බිරිඳත් සමඟÊනැවතී සිටියා. මගේ කාමරට එක යතුරයි තිබුණේ.

මම ශල්‍ය ඒකකයට අනුයුක්‌තව සේවය කළා. මෙම සිද්ධිය වූ බව කියන දින මගේ බිරිඳට කම්මුල් ගාය වැළඳී තිබුණු නිසා ඇය මගේ කාමරයේම නැවතී සිටියා. මම උදැසන සිට මීගමුව රෝහලේ වෛද්‍ය සායනය සඳහා පැමිණි රෝගීනට ප්‍රතිකාර කළා. එදින විශේෂඥ වෛද්‍ය ධම්මික මහතා මට කිව්වා සීමාවාසික එක්‌ අවුරුදු වෛද්‍ය පුqහුණුව අවසන් වී ඔබ පොලොන්නරුව රෝහලට යන නිසා එදින රාත්‍රි සාදයක්‌ පවත්වන බවත්, ඊට සහභාගි වන ලෙසටත්. දවල් 2.00 ට පමණ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු මට කිව්වා ගැහැනු ළමයකු රෝහලේ තුන්වැනි තට්‌ටුවෙන් හෝ උඩු මහලකින් වැටීමෙන් ඇගේ හිසට බරපතළ තුවාල සිදු වී ඇති නිසා ඇයව වහා කොළඹ මහ රෝaහලට මාරු කර යෑවූ බව. පසුව ඇය මියගිය බවත් දැන ගත්තා.

පොලිසියෙන් අත්අඩංගුවට ගත් මා පොලිස්‌ ජීප් රථයට නංවා ගත්තේ මීගමුව රෝහලේ සියලුම කාර්ය මණ්‌ඩලය බලා සිටියදීයි. පොලිසිය පැමිණ මගේ කාමරය පරීක්‍ෂා කළා. මාව පොලිස්‌ ජීප් රථයට නංවා ගත්ත අවස්‌ථාවේ බිරිඳ පැමිණ මට කිව්වා කවුරු කොහොම කිව්වත් ඔයා නිර්දෝෂයි කියලා. පොලිසිය කිව්වෙ ඇත්ත කිව්වෙ නැත්තං මාව බීච් එකට අරං ගිහින් මරණවා කියලයි. පොලිසිය මට පහර දුන්නේ වරින්වර මගේ නාඩි වැටීම පරීක්‍ෂා කර බලමින්. මා මෙවැනි පහරදීමකට මගේ ජීවිතයේදී ලක්‌ වී නැහැ. මා බන්ධනාගාරයට භාර දුන් අවස්‌ථාවේ මා කිව්වා පොලිසිය මට කළ කෲරකම් බන්ධනාගාරයේදී සිද්ධ වන්න දෙන්න එපයි කියලා. මේ සිද්ධිය නිසා මගේ ආත්ම විශ්වාසය විනාශ කළා. මම වෛද්‍යවරයකු වුණේ ජීවිත ගොඩගැනීම මිස ජීවිත විනාශ කිරීමට නොවේ යෑයි ඔහු පැවැසීය.

වැඩිදුර විභාගය 2014 ජුනි මස 5 වැනි දිනට කල් තැබීය. විත්තිකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලදී. රජයේ අධිනීතිඥ සුහර්ශී හේරත් මහත්මිය පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥයන් වන ශ්‍රී ලාල් ප්‍රනාන්දු සහ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් පෙනී සිටියහ.

0 comments:

Post a Comment