විනිවිද පෙනෙන ගවුමක් හේතුවෙන් පසුගියදා කථා බහට ලක්වු ගායන ශිල්පිනි රිහානාගේ වෙළද දැන්වීමක් තහනම් කරයි.
Rogue නැමති සුවද විලවුන් වර්ගය හදහා රිහානා යොදාගෙන නිර්මාණය කර තිබු ප්රචාරක පුවරු ළමයින්ට නොපොනෙන තැන්වල පමණක් ප්රදර්ශණය කළ යුතු බවට එංගලන්ත අධිකරණයක් තීන්දු කර තිබේ.
මෙම වෙළද දැන්වීමේ යට ඇදුමකින් පමණක් පෙනී සිටින රිහානා සිය නිරුවත් උඩුකය දෑතින් ආවරණය කරගෙන දෙපා ඉහළට ඔසවා විශාල ප්රමාණයේ Rogue සුවද විලවුන් බෝතලයක තබාගෙන සිටියි.
මෙම ඉරියව්ව හැගීම් අවුස්සන සුළු එකක් බව සදහන් කරමින් එංගලන්ත දැන්වීම් අධිකාරිය මේ සම්බන්ධයෙන් ගොනු කර තිබු නඩුවක් විභාග කර එම දැන්වීම ළමුන්ට නැරඹිය හැකි ආකාරයෙන් ප්රදර්ශණය කිරීම තහනම් කර තිබේ.
මේ අනුව එම දැන්වීම් ප්රසිද්ධ ස්ථානවලින් වහා ගලවා ඉවත් කරන ලෙස අදාල සමාගමට දැනුම් දී තිබේ.
මේ අතර ඇමරිකාවේ දී පැවති මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ වාර්ෂික සම්මාන උළෙලට විනිවිද පෙනෙන ගවුමක් හැද ඉදිරිපත්වු රිහානා එහි මුල් තැන දිනුවාය.සම්පුර්ණයෙන්ම විනිවිද පෙනෙන දැල් වැනි රෙද්දකින් මසා ඇති මෙම ගවුම පළිගු වලින් ඔප දමා තිබිණි.
0 comments:
Post a Comment