Test Footer 2

Breakfast pancakes

MAX Radio

SEND YOURE MESSAGE TO ADMIN

Name

Email *

Message *

NOTE

පරිගණකය බය නැතුව අත ගාන්න,අලුත් ගේම්ස් ඩවුන්ලෝඩ් කරගන්න,අලුත් ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න,අලුත් ගැජට් මේ හැම දෙයක්ම මෙම වෙබ් පිටුවෙන් ලගදීම බලාපොරොත්තු වෙන්න.. - ලංකා හිට් නිවුස්

Tuesday, June 24, 2014

Read this

යම් ගැටලුකාරී තත්වයක් නිසා ලංකා හිට් නිව්ස් අඩවිය තුල පුවත් පල කිරීම
දින කිහිපයක් මගහැරෙනු ඇත.ඒ පිලිබදව අපගේ කනගාටුව පල කරන අතර අපත් සමග
මතුවටද රැදී සිටින ලෙස ඉල්ලා සිටින්නෙමු.. තවද ගොසිප් , පුවත් ලිපි අපවෙත
ලබාදීමට කැමැත්තක් දක්වන ඔබට ඒ සදහා පහත ඊමේල් ලිපිනය වෙත පනිවුඩයක් තබා
ෂෙරීන් සම්බන්දකර ගන්න..
Lankahitnewsinfo@gmail.com

Thursday, June 5, 2014

ආසියාවේ ලස්සනම කෙල්ල මෙන්න

පසුගියදා කොරියාවේදී පැවැත්වූ  Miss Asia Pasific 2014 තරඟයේ පළමු ස්ථානය දිනාගැනීමට මියන්මාරය නියෝජනය කරමින් තරඟ වැදී May Myat Noe සමත්වී තිබේ. කොරියාවේ  Kim Eea දෙවන ස්ථානයත්, මැකාවෝ දූපත්හි Hio Man Cha තුන්වන ස්ථානයත් දිනාගෙන තිබේ. මෙහි හතරවන හා පස්වන ස්ථානයන් පිලිවෙලින් පිලිපීනයත් ඉන්දියාවත් හිමිකරගෙන තිබේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවැදී නිලුක්ෂි අමන්දා එහි අවසන් තරඟකාරියන් 15 දෙනා අතරට තේරී තිබුණි. 

නිලුක්ෂි එම තරඟයට සහභාගී වූ අන්දම දැක්වෙන වීඩියෝව බලන්න පහතින්.

ගර්භණී නීතිඥවරියගේ කුස අත ගා වැඩ වරදී

ගර්භණී නීතිඥවරියගේ කුස අත ගා ඇයට ලිංගික අතවර කරන්නට තැත් කළ බව කියන 43 හැවිරිදි දෙදරු පියෙකු පෙරේදා (4 දා) කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා මල්කා තුෂාරි මහත්මිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නීතිඥවරිය සිය කළුතර නගර මධ්‍යයේ පිහිටි කාර්යාලයේ සිට මෝටර් රථය වෙත යමින් සිටියදී සැකකරු මෙසේ ඇයගේ උදරය අත ගා ලිංගික අතවර කරන්නට උත්සාහ කර ඇතැයිද ඔහු සමග නීතිඥවරිය පොර බදා ඇති අතර ඇය කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

සැකකරු හෝටලයක පැවැති සාදයකට සහභාගි වී ආපසු එමින් සිටියදී මෙම ලිංගික අතවරය නීතිඥවරියට කර ඇතැයිද සැකකරු ඊයේ දහවල් කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කර අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන් සිල්වා මහතාගේ උපදෙස් පිට කළුතර ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා මල්කා තුෂාරි මහත්මියගේ ප්‍ර්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

හැටන් පාසලක සිසුවියන් තනිකර අපයෝජන කරන ගුරෙක්

හැටන් අධ්‍යාපන කලාපයට අයත් හැටන් නගරයේ පිහිටි ප්‍රධාන පාසලක සේවය කරන එක්තරා තරුණ ගුරුවරයෙක් එම පාසලේ ඉහළ ශේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට නිරන්තර සිදුකරන ලිංගික අපයෝජන ක්‍රියා හමුවේ ඔවුන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින බව එම විදුහලේ ආරංචි මාර්ග පවසයි.

මෙම ගුරුවරයාට අදාළ විෂය ඉගැන්වීම සඳහා පාසලේ වෙනත් ස්ථානයක තනි පන්ති කාමරයක් වෙන්කර ඇති බවත් එම පන්ති කාමරයට තනි තනිව එම විෂය හැදෑරීමට පැමිණෙන ලෙස ගුරුවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවත් තනිව පැමිණෙන ශිෂ්‍යාවන් මෙසේ අපයෝජන ක්‍රියාවන්ට මෙකී ගුරුවරයා විසින් ලක් කිරීම හේතුවෙන් ශිෂ්‍යාවන් අසරණ වී සිටින බවත් පැවසේ.

අපයෝජනයට ලක්වු සිසුවියන් තම නිවෙස්වලට ගොස් ගුරුවරයාගේ ක්‍රියා පිළිබඳව දෙමාපියන්ට පැවසීමෙන් අනතුරුව එම දෙමාපියන් පාසලේ විදුහල්පතිවරයාට ලිතව හා වාචිකව පැමිණිලි කර ඇතත් විදුහල්පතිවරයා ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් පැවසේ. මෙම විදුහල්පතිවරයා පාසලේ සිසුන්ට මිලිටරි පාලනයක් ගෙන යන බවත් එම පාසලේ ගුරුවරුන්ගේ විනය විරෝධී ක්‍රියා හමුවේ මුනිවත රැකීම බරපතළ ප්‍රශ්නයක් බවත් දෙමාපියෝ කියා සිටිති.

අදාළ තරුණ ගුරුවරයා ඔහු පෙර සේවය කළ පාසලකදීද මෙවැනිම අපචාර ක්‍රියා කීපයකට සම්බන්ධව චෝදනා ලැබ සිටින අයකු බවද පැවසෙන අතර මොහු දැනට හැටන් නගරයේ උපකාරක පන්තියක් ද පවත්වාගෙන යයි. එම පන්තියට ප්‍රදේශයේ පාසල් ගණනාවක ශිෂ්‍යාවෝ විශාල පිරිසක් සහභාගි වෙති.

වසර ගණනක් තිස්සේ කලාපයේ උසස් පිළිගැනීමක් තිබූ මෙම විදුහලේ විනය හා අධ්‍යාපන තත්ත්වය ප්‍රදේශයේ වෙනත් පාසල්වලට වඩා ඉහළ මට්ටමක තිබූ අතර වත්මන් විදුහල්පතිවරයාගේ පාලනය හමුවේ ඉතා පහළ මට්ටමකට ඇද වැටී ඇති බවට දෙමාපියෝ චෝදනා කරති. තවද මෙම පාසලේ උසස් පෙළ පන්ති සඳහා නවක සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීමේදී රුපියල් 5000, 15,000 දක්වා මුදලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍ර ලේඛවලට පටහැනිව අය කිරීම හේතුවෙන් එම සිසුන්ගේ දෙමාපියෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති. මෙසේ අයකරගන්නා මුදල් හැටන් නගරයේ පිහිටි එක්තරා රාජ්‍ය බැංකුවක එම පාසලේ පාසල් සංවර්ධන සමිතිය නමින් පවත්වාගෙන යනු ලබන ගිණුමට බැර කර අදාළ බැංකු ලදු පත විදුහල්පතිවරයාට භාරදීමට අනිවාර්ය කර තිඛෙන බවත් ළමයින් පාසලට භාර ගන්නා අවස්ථාවේ මෙකී බැංකු ලදුපත ප්‍රමුඛතාවයක් ලෙස සලකන බවට විදුහල්පතිවරයා විසින් තමන් වෙත දැනුම්දී ඇති බවත් දෙමාපියෝ වැඩිදුරටත් කියා සිටිති.

නිරිතදිග මෝසම සක්‍රීයයි - අද සිට වැසි වැඩිවීමක්


නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපනය වී සක්‍රීය වීමත් සමග අද (06දා) සිට 09 දක්වා  කාලය තුළ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි වැඩි වීමට සහ දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වැඩි වීමට හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
අද (06දා) නිකුත් කරනලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, මෙම වැසි වයඹ පළාත දක්වාද පැතිර යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව​ සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද පෙන්වා දෙයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට විටින් විට වැසි ඇති විය හැකි බවත්, අනුරාධපුර, මඩකලපුව හා ත්‍රිකුණාමලයට අපරභාගයේදී හො‍් සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතින බවද කියයි.

රිහානා ගේ වෙළද දැන්වීමක් තහනම් කරයි

විනිවිද පෙනෙන ගවුමක් හේතුවෙන් පසුගියදා කථා බහට ලක්වු ගායන ශිල්පිනි රිහානාගේ වෙළද දැන්වීමක් තහනම් කරයි.

Rogue නැමති සුවද විලවුන් වර්ගය හදහා රිහානා යොදාගෙන නිර්මාණය කර තිබු ප්‍රචාරක පුවරු  ළමයින්ට නොපොනෙන තැන්වල පමණක් ප්‍රදර්ශණය කළ යුතු බවට එංගලන්ත අධිකරණයක් තීන්දු කර තිබේ.

මෙම වෙළද දැන්වීමේ යට ඇදුමකින් පමණක් පෙනී සිටින රිහානා සිය නිරුවත් උඩුකය දෑතින් ආවරණය කරගෙන දෙපා ඉහළට ඔසවා විශාල ප්‍රමාණයේ Rogue සුවද විලවුන් බෝතලයක තබාගෙන සිටියි.

මෙම ඉරියව්ව හැගීම් අවුස්සන සුළු එකක් බව සදහන් කරමින් එංගලන්ත දැන්වීම් අධිකාරිය මේ සම්බන්ධයෙන්  ගොනු කර තිබු නඩුවක් විභාග කර එම දැන්වීම ළමුන්ට නැරඹිය හැකි ආකාරයෙන් ප්‍රදර්ශණය කිරීම තහනම් කර තිබේ.

මේ අනුව එම දැන්වීම් ප්‍රසිද්ධ ස්ථානවලින් වහා ගලවා ඉවත් කරන ලෙස අදාල සමාගමට දැනුම් දී තිබේ.

මේ අතර ඇමරිකාවේ දී පැවති මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ වාර්ෂික සම්මාන උළෙලට විනිවිද පෙනෙන ගවුමක් හැද ඉදිරිපත්වු රිහානා  එහි මුල් තැන දිනුවාය.සම්පුර්ණයෙන්ම විනිවිද පෙනෙන දැල් වැනි රෙද්දකින් මසා ඇති මෙම ගවුම පළිගු වලින් ඔප දමා තිබිණි.

මරදානේ ප්‍රධාන පාසලක දෙමාපිය ගුටි කෙළියකින් මවක් රෝහලේ

කොළඹ, මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක දෙමාපියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් මවක තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, පාසලේ පරිපාලනය පිළිබඳව දෙපාර්ශවය අතර පැවති මතභේදයක් දුරදිග යාමෙන් එම ගැටුම ඇති වූ බව ය.
අද පෙරවරුවේ ඇති වූ මෙම ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශවය ම මරදාන පොලීසියට පැමිණිලි කර තිබේ.
ගැටුමෙන් තුවාල ලැබූ මව ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මෙම ගැටුම පිළිබඳව මරදාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

අසභ්‍ය චිත‍්‍රපට නැරඹීම මොළයට බලපාන හැටි

කාමෝද්දීපන සිනමා හෝ ඡයාරූප වැඩිපුර නැරඹීම හා මොළයේ ප‍්‍රමාණය අඩුවීම අතර සම්බන්ධයක් තිබිය හැකි බව පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
බර්ලින් නුවර මානව සංවර්ධනය පිළිබඳ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ විද්‍යාඥයින් විසින් සිදුකර ඇති පර්යේෂණය සඳහා වයස අවුරුදු 21 සිට 45 අතර සෞඛ්‍ය සම්පන්න පිරිමින් 64ක් තෝරාගෙන ඇති අතර ඔවුන්ගේ කාමුක සිනමා නැරඹීමේ පුරුදු පිළිබඳ ප‍්‍රශ්න විමසමින් එය සහ මොළයේ එම්.ආර්.අයි ඡයාරූප අතර සබඳතාවය පිරික්සා බලා තිබේ.
නියැදියේ කාමුක සිනමා නැරඹීමේ සාමාන්‍ය කාලය සතියකට පැය 4ක් වූ බව වාර්තා වේ.

මේ පිලිඹඳ Video පටය සහ Photos: soon on
එහිදී නිරීක්ෂණය කර ඇත්තේ ඔවුන්ගේ පෙර මොළයේ පිහිටා ඇති ස්ටි‍්‍රයේටම් ප‍්‍රදේශයේ අළු පැහැ ද්‍රව්‍ය පරිමාව සාමාන්‍ය පුද්ගලයන්ට වඩා අඩු වන බවයි.
ස්ටි‍්‍රයේටම් ප‍්‍රදේශය මගින් පෙළඹුම හා ශාරීරික චලනය අතර සමායෝජනය හසුරුවන අතර සංකීර්ණ සමාජයීය සබඳතාවකදී පුද්ගල චර්යාවන්ගේ සිට සියුම් සහ ස්වේච්ඡනුගත චලනයන් වැනි හැසිරීම් වලට බලපාන බව සැලකේ.
එමෙන්ම කාමුක ඡයාරූප බලන මොහොතේදී පවා ස්ටි‍්‍රයේටමයේ අළු පැහැ ද්‍රව්‍ය පරිමාව අඩුවන බවද නිරීක්ෂණය කර තිබේ.
විද්‍යාඥයින් පවසා ඇත්තේ මෙම පර්යේෂණය මගින් හෙළිවූවේ කාමුක ද්‍රව්‍ය නැරඹීම සහ මොළයේ ප‍්‍රමාණය අතර අන්තර් සම්බන්ධතාවය මිස හේතුවම නොවිය හැකි බවයි.

නිව්යොර්ක් නගරයේ නිරුවත් වු නිළියක්

ප්‍රකට  ඡායාරූප හුවමාරු  සමාජ ජාලයක් වන Instagram  හි අඩනිරුවත් කාන්තා ඡායාරූප පලකිරීම අවහිර කිරීමට එරෙහිව තරුණ නිළියක්  උඩුකය නිරුවතින් ඇමරිකාවේ නිව්යොර්ක් නගරය පුරා ඇවිද යයි.

ප්‍රකට නළු නිලී යුවලක් වන  බෘස් විල්ස් සහ ඩෙමී මුවර්ගේ දියණිය වන ස්කොට් විල්ස්  සදහන් කර ඇත්තේ කාන්තා උඩුකය යාන්තමින් පෙනෙන ඡායාරූපයක්වත් හුවමාරු කර ගැනීමට Instagram හරහා අවකාශ නොමැති බවයි.

Instagram එලෙස වාරණය කළත්  උඩුකය නිරුවතින් වුව ඇවිද යාමට  ඇමරිකාවේ නිව්යොර්ක් නගරයේ අවසර ඇති බව පෙන්වීමට තමන් එලෙස ඇවිද ගිය බව ස්කොට් විල්ස් පවසා තිබේ. තමන් Instagram  ඡායාරූප ජාලයට ඉතා ආදරය කරන බවත් එහි ඇති ඇතැම් සීමා ඉවත් කර ගැනීම සදහා එලෙස සටන් කළ බවත් ඇය සදහන් කරන්නීය

තමා නිව්යොර්ක් නගරයේ උඩුකය නිරුවතින් ඇවිද ගියේ Instagram අනවශ්‍ය සීමා ඉවත් කර ගැනීම සදහා බව ඇය කියයි.

තමන් ධනවත් සහ ජනප්‍රිය පවුලක දියණියක් වුව ඒ සියල්ල මොහොතකට අමතක කර දමා සිය මෙම විරෝධතාව පළ කලේ Instagram  රැකගැනීමට බව ඇය කියයි

‘ලක්ෂපති’ වැඩසටහනේදී තරගකරුවෙකු රටේ නායිකාවගේ සහය පතයි (PHOTOS)

ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇති ‘Who wants to be a millionaire’ රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජර්මානු නිෂ්පාදනයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් ඊයේ වාර්තා විය.
එම වැඩසටහනට ආරාධිත තරගකරුවෙකු ලෙස සහභාගි වී සිටියේ, ජර්මන් රජයේ ප්‍රතිපත්ති සම්පාදකයෙකු වන වුල්‍ෆ්ගැන්ග් බොස්බැක් (Wolfgang Bosbach) නමැත්තෙකි.
ඔහු ජර්මානු චාන්සෙලර් ඇන්ගෙලා මර්කල් සමීපව ඇසුරු කරන විද්වතෙකි.
එහිදී ඔහුට යොමුවූ ප්‍රශ්නයකින් විමසන ලද්දේ, නැගෙනහිර ජර්මනි‍ය නිෂ්පාදනය කළ WM66 නමැති රෙදි සෝදන යන්ත්‍රය ඉතිහාසගත වූයේ, කුමන හේතුවක් මත ද යන්න ය.
එම ප්‍රශ්නයට පිළිතුර වුල්‍ෆ්ගැන්ග් බොස්බැක් දැන නොසිටි අතර ඔහු ඒ සඳහා සහය ලබා ගැනීමට ‘phone-a-friend’ අවස්ථාව ලබා ගත්තේ ය. (එම ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වූයේ, අදාළ රෙදි සෝදන යන්ත්‍ර පළතුරු ගබඩා කිරීම සඳහා භාවිත කිරීම හේතුවෙන් ඉතිහාසගත වූයේ ය යන්න ය.)
ඔහු සහය පැතුවේ අන් කවරෙකුගෙන්වත් නොව ජර්මානු චාන්සෙලර්වරියගෙනි.
ඇය නැගෙනහිර ජර්මනියේ උපන් තැනැත්තියක වන හෙයින් නිසැකව ම පිළිතුරු දෙනු ඇතැයි ඔහු එහිදී විශ්වාසය පළ කළේ ය.
කෙසේ වෙතත්, ඇන්ගෙලා මර්කල් සම්බන්ධ කර ගැනීමට ඔහු දැරූ උත්සහය දෙවරක් ම අසාර්ථක විය.
නිවැරදි පිළිතුර ලබා දුන්නේ නම් වුල්‍ෆ්ගැන්ග් බොස්බැක්ට හිමි වන මුදල යුරෝ 500000ක් විය.
එහෙත්, ඇන්ගෙලා මර්කල් සම්බන්ධ කර ගැනීමට අපොහොසත් වීම නිසා ඔහුට යුරෝ 125000ක් පමණක් දිනා ගැනීමට සිදු විය.
පසුව, ඇන්ගෙලා මර්කල් ඔහුට එවන ලද කෙටි පණිවුඩයක දැක්වුණේ, “Ok whatever it was, warm greetings from am.” යනුවෙනි.
(‘Who wants to be a millionaire’ වැඩසටහනේ ශ්‍රී ලංකා නිෂ්පාදනය සිරස ටීවී ඔස්සේ සෑම සිකුරාදා දිනක ම රාත්‍රී 9.00ට විකාශය වේ)

කලිසම අස්සේ කුරුළු කූඩුවක්

ගුවන් මගියකුගේ කලිසමක් ඇතුලේ සඟවාගෙන සිටි පැනි කුරුල්ලන් හා ෆින්ච් වර්ගයේ කුරුල්ලන් 66ක් කියබානු රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබේ. කියුබාවේ සිට ඇමෙරිකාව බලා යාමට සූදානම් වූ අවස්ථාවේදී මෙසේ ඔහු අත්අඩංගුවට පත්වී ඇත.  
කියුබාවේ අග්‍රොමොන්ටේ ගුවන් තොටුපලේ රේගු නිලධාරීන් විසින් ඔහු පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එයට පෙර ඔහු පවසා ඇත්තේ තම මුණුපුරාට පරෙවියෙකු සිය කලිසම තුල රැගෙන යන බවය. පසුව කලිසම ගලවා පරික්ෂා කිරීමේදී මෙම කුරුල්ලන් 66 දෙනා සොයා ගැනීමට හැකිවී ඇත.
එම කුරුල්ලන්ට චලනය වීමට නොහැකි අයුරින් ඔහුගේ කලිසමට කුරුල්ලන් අලවා තිබී ඇත. රේගු නිලධාරීන් විසින් කුරුල්ලන් සොයාගන්නා විට කුරුල්ලන් දෙදෙනෙකු මියගොස් සිට ඇත.

නයනා කුමාරිගේ ගේ හොරු කඩති

සුප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළි නයනා කුමාරි පදිංචිව සිටින මාලබේ පොතුවරාව ප්‍රදේශයේ පිහිටි නිවෙසට ඊයේ මැදියම් රාත්‍රි පිටුපස ‍ෙදාර කඩා ඇතුළු වී ඇති සොරුන් කීපදෙනකු එම නිවෙසේ තිබූ රුපියල් දෙලක්ෂ පහළොස් දහසක් වටිනා මුදල් හා රන් ආභරණ සොරාගෙන ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කෙළේ එම නිවෙසේ තිබූ සැකකටයුතු ඇඟිලි සලකුණු අටක් හමුවී ඇති බවයි.
මේ සොරකම පිළිබඳ ඊයේ උදේ පොලිස් හදිසි ඇමැතුම් අංශයට පැමිණිලි කිරීමෙන් පසු තලංගම පොලිසිය එම නිවෙසට ගොස් පරීක්ෂණ ආරම්භ කරන ලදී.
ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට පොලිස් විද්‍යාත්මක පර්යේෂණ නිලධාරීන්ද කැඳවා තිබිණි. තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

රිහානාගේ නිරුවත​. සම්පූර්ණ ඇගම එලියට පේන්න ඇඳලා

ලෝකයේ  ජනප්‍රියම පෝප් ගායිකාවක් තමයි රිහානා කියන්නේ.රිහානා ප්‍රසිද්ධ ගායිකාවක් හැටියට වුණත් දැන් අපි ‍කියන්න යන ආරාංචියනම් ගායනයට සම්බන්ධ දෙයක් නෙවෙයි. පසුගිය දවස්වල රිහානා ලෝක ප්‍රසිද්ධ සඟරාවල මුල් පිට කවර වලට පවා අඩ නිරුවත් ඡායාරූප වලින් පෙනී සිටියා කියලා මේ වන විට කවුරුත් දන්න දෙයක්. නමුත්  දැන් අපි කියන්න යන්නේ නිරූපණ ක්ෂේත්‍රය ගැන ආරංචියක්‍.
ඒ මොකක්ද දන්නවද? පසුගිය දවස්වල අමෙරිකාවේ තිබුණා Fashion Designers of America Awards කියලා සම්මාන උළෙලක්.එ උත්සවයට දක්ෂ මෙන්ම ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පියන්ගේ නිර්මාණ ඉදිරිපත් කරලා තිබුණේ. එම උත්සවටය ජනප්‍රිය පුද්ගලයින් විශාල  ප්‍රමාණයක් ඇඳුම් නිර්මාණවලින් සුසැදිලා  ඉතාමත් ආස්වාදනීය අයුරින් ඇවිල්ලා හිටියේ. එම උත්සවයට රිහානාත් ඇඩම් සෙල්මන් (Adam Selman) විසින් නිර්මාණය කළ ඉතා මනරම්, කාමය උද්දීපනය ඇවිස්සෙන සුළු, ඇගේ ශරීරය හොඳින් දිස්වන ඒ වගේම වටිනා කියන ඇඳුමකින් තමයි සැරසිලා එදා හිටියේ.
රිහානා සැරසිලා හිටිය ඒ ඇඳුම ඇඩම් සෙල්මන් විසින් නිර්මාණය කරලා තිබුණේ CRISTAL  දෙලක්ෂ දාසය දහසක් උපයෝගී කරගෙන.ඉතින් ඒ ඇඳුමේ තියෙන සුවිශේසීභාවයට නිසා Fashion Icon Award නැමැති සම්මානයත් හම්බවෙලා.

අනතුරු ඇඟවීමයි! ධනවතුන් පවා හිඟමනට වට්ටන භයානක පරිගණක වෛරසයක්

ධනවතුන් සිඟමනට ඇද දමන ප්‍රබල පරිගණක වෛරසයක් මේ වන විට ව්‍යාප්තව පවතින බවට බ්‍රිතාන්‍ය අපරාධ ඒජන්සිය අනතුරු අඟවයි.
එම ආයතනය පවසන්නේ, මේ වන විට ලොව පරිගණක විශාල සංඛ්‍යාවක් එම වෛරසයට ගොදුරු වී ඇති බව ය.
බ්‍රිතාන්‍යය තුළ පමණක් එම වෛරසයේ ප්‍රහාරයට ලක්වූ පරිගණක සංඛ්‍යාව 15000කි.
එම වෛරසය හරහා පරිගණක තුළ ඇති රහස් ලියවිලි, ඡායාරූප, වීඩියෝ ආදී සියල්ල සඟවා ගන්නා අතර ඒවා යළි ලබා ගැනීමට අවශ්‍ය නම් කප්පම් මුදලක් ගෙවීමට සිදුවනු ඇත.
ඊට අමතරව, මෙම වෛරසයේ ඇති භයානක ම ලක්ෂණය වන්නේ, ඉන්ටර්නෙට් හරහා ගෙවීම් කිරීමේදී බැංකු ගිණුම්වල ඇති මුදල් සියල්ල ලබා ගැනීම ය.
ඒ මගින් මුදල් ගිණුම් හිස් කිරීමට එම වෛරසයට ගත වන්නේ, සති දෙකක පමණ කාලයක් පමණි.
අදාළ සති දෙකක කාලය තුළ වෛරසය විනාශ කිරීමට පියවර නොගතහොත් විශාල කරදරවලට මුහුණ දීමට පරිගණක හිමිකරුට සිදු ව ඇත.

අවුරුදු 14දී ෆේස්බුක් එකෙන් යාළු වී 63 වියපත් බඹරා එක්ක කෙල්ල පැනලා ගෙදරින් එන්න කිව්වත් බැහැ කියයි

ෆේස්බුක් ගිණුමක් හරහා දිගු කාලයක් පෙම් සබඳතාවක් පැවැත්වූ 17 හැවිරිදි තරුණිය 63 හැවිරිදි වියපත් පුද්ගලයකු සමඟ පැනගොස් මොරටුව ප්‍රදේශයේ ජීවත්වන පුවතක් මාතලේ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකින් වාර්තා වේ.

වියපත් පුද්ගලයා යාන වාහන තිබෙන ව්‍යාපාරිකයෙකි. එවකට 14 හැවිරිදි වියේ පසුවූ තරුණිය සමඟ ෆේස්බුක් ගිණුමක් හරහා දැන හඳුනාගෙන දීර්ඝකාලීන මිතුදම පෙම් සබඳතාවක් බවට පත්කරගෙන ඇත. දිගුකලක් ඇසුරු කළත් වියපත් පුද්ගලයා ගම, වයස, සඟවාගෙන ඇසුර පවත්වාගෙන යෑමට සමත්ව තිබේ.
මීට සති දෙකකට පමණ පෙර මහනුවර ඔරලෝසු කණුව අසල දෙදෙනා මුණගැසීමට තීරණය කර ඇත. ඒ අනුව ජංගම දුරකතන මාර්ගයෙන් දෙදෙනා කතිකා කරගෙන තරුණිය මහනුවර නගරයට පැමිණ ඇත. වියපත් පුද්ගලයා නවීන පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ තරුණිය වාහනයට නංවාගෙන ඇති අතර වාහනයට ගොඩවූ පසුව දෙදෙනා එකිනෙකා පළමු වරට හඳුනාගෙන ඇත.
නිවෙසින් පැන ගිය තරුණිය මවුපියන්ට දුරකතනයෙන් දැනුම් දී ඇත්තේ තමා මොරටුව ප්‍රදේශයේ ජීවත්වන බවය. තම දියණියගේ අතුරුදන් වීම පිළිබඳ තරුණියගේ මවුපියන් පොලිසියේ පිළිසරණ පතා ඇතත් වියපත් පුද්ගලයා අත්හැර ඒමට තරුණිය අකැමැත්ත ප්‍රකාශ කිරීම පොලිසියටද ගැටලුවක් වී තිබේ.

Tuesday, June 3, 2014

කිරිපිටි මිල වැඩිවෙයි

ආනයනික කිරිපිටි බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ආනයනික කිරිපිටි කිලෝවකට අය කරන බදු ප්‍රමාණය රුපියල් 25 කින් ඉහළ දැමීමෙන්. ඒ අනුව මේ වන විට කිරිපිටි කිලෝ ග්‍රෑමයකින් අය කරනු ලබන බදු මුදල රුපියල් 82 වනවා. 

ඔබේ අනාගත මෝටර් රථයට හැකර් ප්‍රහාර එල්ල විය හැකියි

අනවසරයෙන් පරිගණක වලට ඇතුළු වී ඒවා අවුල් කරන ආකාරයෙන්ම අනාගතයේදී මෝටර් රථවල පරිගණක පද්ධති වලටද හැකරුවන් (hackers) ඇතුළු වී ඒවා අවුල් කරනු ඇතැයි වාර්තා වී තිබේ.
මේ අනුව, අධිවේගී මාර්ගයක වේගයෙන් ධාවනය වන මෝටර් රථයක පරිගණක පද්ධතියට හැකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එය අනතුරට පත් වුවහොත් එය පුදුම වන්නට කාරණාවක් නොවන බව මේ පිළිබඳව වාර්තා කරමින් විදෙස් මාධ්‍ය කියයි.
මෝටර් රථ නිර්මාණ කරුවන් පවසා තිබෙන්නේ මේ වනවිටත් මෝටර් රථයක් අධි තාක්ෂණික පරිගණකයක් තත්ත්වයට පත්ව තිබෙන බවත් රැහැන් රහිත ජාලයකට එය සම්බන්ධ කළ හැකි බවයි.
මෝටර් රථ කර්මාන්තය තවත් දියුණු කිරීමේදී මතුවී තිබෙන මෙම අවධානම පිළිබඳව කර්මාන්තයේ විශේෂඥයින් විසින් අවධානය යොමුකර තිබෙන බව මෙම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
අනාගත මෝටර් රථවල සුක්කානම, තිරිංග පද්ධතිය, ඇතුළු පහසුකම් පාලනය කරනු ලබන්නේ කුඩා පරිගණක වලින් බව සඳහන්ය.

"චමත්කා" චිත්‍රපටයේ බොලිවුඩ් නිළිය චන්න හැර යයි!

ඉන්දීය සිනමා නිලියන ලාංකීය සිනමාවට හඳුන්වා දුන් චන්න පෙරේරා තවත් ඉන්දියානු නිලියක් සිංහල සිනමාවට හඳුන්වා දෙමින් සිය නවතම සිනමා කෘතියෙහි වැඩ කටයුතු වැල්ලවත්ත ග්ලෝබල් ටවර් හි පැවැති මුහුරත් උළෙලකින් ආරම්භ කිරීමේ පුවත අප මෙයට පෙර හෙළිකරන ලදී. 
"චමත්කා" යනුවෙන් නම්කොට ඇති මෙම චිත්‍රපටය හරහා ලාංකීය සිනමාවට පා තැබීමට සිටි ඉන්දීය නිළිය වන ජැස්මින් භාශිනි චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට මත්තෙන් චන්නගේ චිත්‍රපටය හැරගොස් ඇතැයි වාර්තා වේ. එම නිලියට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඇය චිත්‍රපටයට හැරගොස් ඇතිඅතර ඒ වෙනුඅට ශ්‍රී ලාංකික නවක නිලියක් චිත්‍රපටයෙන් හඳුන්වා දීමට චන්න කටයුතුකොට තිබේ. 
චන්නගේ චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත්වීමත් සමග චන්නගේ හා ගයාත්‍රි ගේ චිත්‍රපටයට වූ දායකත්වය සම්බන්ධව මාධ්‍යය ඔස්සේ ප්‍රශ්නකොට තිබුනේ පහත අයුරිනි. 

චන්න 

චන්නගේ චිත්‍රපටිවලට ඔබේ බිරිඳ ගයත්‍රිට අවස්ථාවක් නොදෙන්නේ ඇයි?
ගයත්‍රිට ගැළපෙන චරිතයක් පිටපතේ තිබුණේ නැහැ. මට දුවලා දෙන්නෙකුත් ඉන්නවා. පවු‍ලේ අයට අවස්ථාව දෙන්න හිතාගෙන මම නිර්මාණ කරන්නේ නැහැ. කවදා හරි දවසක ගැළපෙන චරිතයක් තිබුණොත් දෙනවා. එයා ඒ ගැන චෝදනා කරනවා කියලා මම හිතන්නේ නැහැ. හිතින් බණිනවද දන්නේ නැහැ. ඒත් ගයත්‍රි එහෙම කෙනෙක් නෙමෙයි.

ගයත්‍රී 

චන්නගේ චිත්‍රපටයේ මුහුරත් උළෙලට ආවේ නෑ නේද?
මට එදා මනාලියකට අන්දන්න තිබ්බ නිසා පොඩි වෙලාවකට ඇවිත් ගියා. මගේ වෘත්තීය වෙනුවෙන් මම ඒ අවස්ථාව මම කැප කළා.
ඔබ චන්න අධ්‍යක්ෂණය කල කිසිම නිර්මාණයකට සම්බන්ධ වෙලා නෑ නේද?
නෑ..එයා ඒ නිර්මාණ වල කොල්ලගේ චරිතය කරන හින්දා මට දෙන්න චරිතයක් නැතුව ඇති.එහෙමත් නැත්නම් නිර්මාණයේ මට ගැලපෙන චරිතයක් නැතුව ඇති.එහෙමත් නැත්නම් එකට හේතුව මොකද්ද කියල එයාගෙන් තමයි අහන්න ඕන.

ලැව් ගින්නක් සේ පැතිරී යන Jennifer Lopezගේ Hot වීඩියෝව මෙන්න

44 හැවිරිදි ඇමරිකානු සරාගී නිළි ජෙනීෆා ලෝපස් පෙනී සිටින “ෆස්ට් ලව්“ නැමති සංගීත වීඩියෝව මේ වනවිට ලෝකය පුරා ලැව් ගින්නක් සේ පැතිරී යයි.
මෙය එළි දක්වා ගතවී තිබෙන්නේ දින තුනක් වැනි කාලයක් වුවත් “යූ ටියුබ්“ ඔස්සේ එම ගීත වීඩියෝව මේ වනවිට මිලියන 3.5 කට වැඩි පිරිසක් නරඹා තිබෙන අතර වාර්තා වන්නේ මෙය දැවැන්ත ආදායම් වාර්තාවක් තබනු ඇති බවයි.

"හලාල් ගණිකාවන්" නිසා මුස්ලිම් ලොව කැළඹෙයි

ඇම්ස්ටර්ඩෑම්හි  සුප්‍රසිද්ධ රෙඩ්ලයිට් දිස්ත්‍රික්කයේ හොට් ක්‍රසන්ට් අවන්හලෙන් මේ වන විට මුස්ලිම් ගණුදෙනු කරුවන් සදහා "හලාල් ගණිකාවන්"හදුන්වාදී ඇතැයි පුවතක් විදෙස් මාධ්‍යය ඔස්සේ වාර්තා කොට ඇත. එම පුවතට අනුව හලාල් ක්‍රමයේ ගණිකාවන් හඳුන්වා දීමට ප්‍රථම එම අවන්හලේ හිමිකරු අල්බවාබා ජොනතන් ස්වික් මේ සදහා නූතන ඉස්ලාමිය ඉමාමිවරුන් තිදෙනෙකුගේ උපදෙස් ලබාගෙන ඇත. එම උපදෙස් මගින් හලාල් කිරීමේ අවශ්‍යයතා ඔහු හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙම "හලාල් ගණිකාවන්" මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර වන අතර ඉස්ලාමීය සංස්කෘතියට අනුව දිනකට පස් වතාවක් යාඤාවන්හි යෙදෙන භක්තිමත් මුස්ලිම් කාන්තාවන් බවට එම අවන්හලේ හිමිකරු විසින් සහතික කොට තිබේ. එසේම මෙම කාන්තාවන් ගනදෙනු කල යුත්තේද ඉස්ලාමීය ක්‍රමයට අනුවය. 

ඉස්ලාමයේ තාවකාලික කොන්ත්‍රාත් පදනම මත විවාහ සදහා අවසර ඇති අතර ඒ විවාහයේ කාල සීමාව විවාහ වීමට පෙර තීරණය කළ යුතු අතර එකග වූ කාලසීමාව ඉක්මවන විට කොන්ත්රාත්තුව ඉබේම අවලංගු වෙනු ලැබේ. මෙම කොන්ත්‍රාත් කාලසීමාව නැවතත් අලුත් කරගන්නට හැකි වනුයේ නව කොන්ත්‍රාත් කාලසීමාවක් සඳහා මුදල් ගෙවීමෙන් අනතුරුවය. 

මෙම පුවතත් සමග මුස්ලිම් ලොව කැළඹීමට පත්ව ඇතිඅතර එම පුවත උපුටා දක්වන ඇතැම් ඉස්ලාමීය ආගමික පුජකයන් මාධ්‍යය නිවේදන නිකුත්කරමින් ප්‍රකාශකොට ඇත්තේ එම පුවත සම්පුර්ණයෙන් අසත්‍යයක් බවයි.

ජනප්‍රිය සරාගී නිළියක් ජාතික කොඩියෙන් තම නිරුවත වහගත් හැටි (Photos)


සරාගී ඉන්දීය නිළියක වන මල්ලිකා ෂෙරාවත්  ඉන්දීය ජාතික කොඩියේ වර්ණවලට සමාන වර්ණ සහිත රෙද්දකින් නිරුවත වසාගෙන සිටින පෝස්ටරයක් නිකුත් වෙයි.
කේ සී බොකඩියාගේ   Dirty Politics නැමති චිත්‍රපටයේ  ප්‍රචාරක දැන්වීම  මෙලෙස නිකුත් වී තිබේ. මල්ලිකා ෂෙරාවත් ජාතික කොඩියට සමාන රෙද්දකින් නිරුවත වසාගනිමින් ආරක්ෂක රථයක වහලය මත නැග සිටින ආකාරය මෙම පෝස්ටරයේ දැක්වෙයි.
මෙම පෝස්ටරය සබන්ධයෙන් මේ වන විට විවිධ මතවාද මේ වනවිට පැන නැගෙමින් තිබෙන බව ඉන්දීය වාර්තා කියයි.ඇතැම් දේශපාලන පක්ෂ  මෙම පෝස්ටරයට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත අතර මෙහි අධ්‍යක්ෂවරයා සදහන් කර ඇත්තේ මෙම පෝසටරය මගින් කිසිදු ආකාරයකින් රටේ ගෞරවයට හානි නොවන බවයි.
ස්ත්‍රී දුෂණ සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිණියක වන බාන්වරි දේවී ගේ ජීවිතය අලළා මෙම චිත්‍රපටය නිපදවා ඇති බව  ඔහු සදහන් කරයි.

බොලිවුඩ් නිළි සෝනක්ෂි සින්හා සිය විශේෂ ගතිගුණයක් හෙළි කරයි (PHOTO)


සිනමා ක්ෂේත්‍රය තුළ තමන්ට මිතුරන් නොමැති බව ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන සෝනාක්ෂි සින්හා පවසයි.
ඇය සඳහන් කළේ, තමන් බොහෝ අවස්ථාවල තනිව සිටීමට ප්‍රිය කරන බව ය.
වෙනත් නළු නිළියන් සමග සබඳතා පැවැත්වීමට තමන් කැමැත්තක් නොදක්වන බව ද සෝනාක්ෂි සින්හා සඳහන් කළා ය.
26 හැවිරිදි ඇය පවසන්නේ, සිනමා නිර්මාණ සඳහා වෙනත් නළු නිළියන් සමග කටයුතු කිරීමේ අකමැත්තක් තමන් තුළ නොමැති බව ය.
තමන්ට ක්ෂේත්‍රයේ පුද්ගලයින් මුණ ගැසෙනුයේ, සම්මාන උළෙලවලදී පමණක් බව ද සෝනක්ෂි සින්හා පැවසීය.

ගණිකාවෝ කඩුව පොලිෂ් කරයි !

ලබන ජුනි 12 වැනිදා බ්‍රසීලයේදී  ආරම්භවීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හේතුවෙන් එහි ලිංගික   සංචාරක කර්මාන්තය හා ළමා ගණිකා සේවය (sex tourism and child prostitution) ඉහල යාමේ අවදානමක් ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.
ද ටයිම්ස් වාර්තා කර තිබුණේ ලෝක කුසලානය නැරඹීමට පැමිණෙන විදේශිකයන්ට ගණිකාවන් ලෙස බාලවයස්කාරියන් ලබාදීමට ඇතැම් කණ්ඩායම් සුදානමින් සිටින බවයි.
බ්‍රසීලයේ වෙසෙන මිලියන බාගයක් පමන වන දුප්පත් හා ග්‍රාමීය පිරිස් සිය ඇඟ විකිණීම සිදු කරන බවද පැවසේ.
බොහෝ තරුණියන් ගණිකා තැරැව්කරුවන් හරහා මෙසේ සංචාරකයන්ට සේවය සපයන බවද වාර්තා වේ.
මේ අතර, ද ඉන්ඩිපෙන්ඩන්ට් වාර්තා කර ඇත්තේ ගණිකාවන් ලොක කුසලාන පන්දු තරගාවලියට සූදානම් වීමක් ලෙස ඉංග්‍රීසි පාඩම් හා ක්‍රෙඩිය් කාඩ් පහසුකම් සම්බන්ධයෙන් උනනුදුවෙන් පසුවන බවයි.
එසේම ගණිකාවන්ට ඉංග්‍රීසි ටියුෂන් ලබා දෙන්නේ නොමිලේ බවද ඇතැම් විදෙස් වාර්තාවල දැක්වේ.
සිය දේශය ලිංගිකත්වයට පත්කරන බවට බ්‍රසීල බලධාරීන් විසින් ඇඩිඩාස් සමාගමට චෝදනා කිරීමෙන් පසුව ඔවුන් ඇඩිඩාස් ටී-ෂර්ට් විකිණීමද අත්හැර දමා තිබේ.
ඇඩිඩාස් මේ ලෝක කුසලානයේ ප්‍රධාන අනුග්‍රහකයකු හා පා පන්දු සපයන්නකු වේ.

පියා දූෂණය කළ දියණිය ගැබ්ගෙන


බඩල්කුඹුර - මඩුකොටන්අරාව ප්‍රදේශයේ පදිංචි දහතුන් හැවිරිදි දැරියක ඇයගේ පියා විසින් දූෂණය කිරීම නිසා ගැබ්ගෙන ඇතැයි බඩල්කුඹුර පොලිසිය පවසයි.


සිද්ධිය සම්බන්ධයෙන් තිස්හය හැවිරිදි තිදරු පියා අත්අඩංගුවට ගෙන ඇත. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
අතවරයට ලක්වූ දැරියගේ මව මැදපෙරදිග රටක ගෘහසේවිකාවක ලෙස සේවය කරන අතර ඇයගේ දරුවන් තිදෙනා ආච්චි අම්මා ළඟ නතර කර ඇතැයි අනාවරණය වේ.


දැරිය පමණක් සිටින අවස්ථාවන්හිදී නිවෙසට පැමිණ ඇති පියා වරින් වර ඇය සමඟ අඹු - සැමියන් ලෙස හැසිරී ඇත. ඒ පිළිබඳ කිසිවකුට පැවැසුවහොත් මරන බවටද තර්ජනය කර තිබේ.

දැරියගේ ශාරීරික වෙනස්කම් දැක ආච්චි අම්මා විසින් ප්‍රශ්න කිරීමේදී මෙම අපරාධයේ සුලමුල හෙළිවීමෙන් පසු පොලිසියට පැමිණිලි කර තිබේ. බඩල්කුඹුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සංගීතා වීරරත්න සැමියා සමග මුලින්ම කල දේ හෙළි කරයි

ඇය වීරරත්න පවු‍ලේ බඩ පිස්සීය. ඒ නිසාම පවු‍ලේ හැමෝගේම ආදරය හා රැකවරණය නිරන්තරයෙන්ම ඇයට ලැබුණාය. ඇය නොකළ දඟකාරකමක් නැති තරම්ය. ඒ නිසාම නිවසේ ඇත්තන්ට ඇයව පෙනුණේ කිව්ව නාහන චණ්ඩි කොලු පැටියෙකු ලෙසය.දශක කීපයක් ආපස්සට හැරී තම ළමා කාලයට යන්නට අප සංගීතාට  ඇරයුම් කළේ ඒ සමය ඒ තරම්ම සුන්දර නිසාය.
 “පුංචි කා‍ලේ මම වෙනස්ම චරිතයක්. ඇත්තම කිව්වොත් නිතරම අම්මා තාත්තාගෙන් බැණුම් අහන ගුටි කන ළමයෙක්. හිටපු ගමන් මම ඉන්නේ ගස් උඩ. එහෙමත් නැත්නම් ගෙයි වහලෙ උඩ.
“ඉස්කෝ‍ලේ ගිහින් ඇවිත් ‍පොත්පත්වල වැඩ කරන්න මම කැමති නැහැ. පාඩම් වැඩ මගහරිනවා. කාමරේ අස්පස් කරගන්නේ නැහැ. පිස්සන් කොටුව වගේ. ඉස්කෝලෙට අඳින ඇඳුම් සපත්තු ලෑස්ති කරගන්නෙ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා. ඔය වගේ පිළිවෙළක් නැතිව හැදුණු නිසාම අම්මා මට නිතරම දඬුවම් කළා. තාත්තාගෙන් බැණුම් ඇහුවා” සංගීතා ළමා විය සිහිපත් කරන්නේ සිනාසෙමිනි.
සංගීතා පාසල් ගියේ කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයටය. මහගෙදර තිබුණේ පානදුරේ වුවත් ඇය උපන්නේ කොළඹ ශාන්ත මයිකල් මාවතේ සාත්තු නිවාසයේය. 
සංගීතාගේ පියා තිමති වීරරත්නය. ඔහු  චිත්‍රපට රැසක් නිර්මාණය කළ ප්‍රකට සිනමාකරුවෙකි. දක්ෂ ඡායාරූප ශිල්පියෙකි. අම්මා ඩේසි වීරරත්නය. ඇය ගෙදර වැඩ මනාව සැලසුම් කළ අපූරු ගෘහණියකි.
“මම සිනමාවට ආවේ රෝයි ද සිල්වා මහතා නිර්මාණය කළ  ‘ඊට්ස් අ මැටර් ඔෆ් ටයිම්’  චිත්‍රපටයෙන්. එතකොට මගේ වයස අවුරුදු 16යි. ඒ කා‍ලේ මට නිළියක් වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ. මට වුවමනා වුණේ තාත්තාගේ ව්‍යාපාරවල ගිණුම්කරණ වැඩකටයුතු, ඒ කියන්නේ තාත්තාගේ ව්‍යාපාරවල හා කලා කටයුතුවල ආදායම් වියදම් ගණන් හදන්න විතරයි. මම කොහොමත් එකවුන්ටින්වලට කැමතියි.’ 
ඒ කා‍ලේ පානදුරේ පිහිටි තිමති වීරරත්න නිවසට නිතරම නළු නිළියෝ පැමිණෙති. ඒ එන නළු නිළියන් අතරින් සංගීතාගේ වඩාත් සිත්ගත් යුවළක් වූයේ විජය කුමාරතුංගයන් හා හෙළ නිළි රැජින මාලිනී ෆොන්සේකාය.
“විජය අංකල් මගේ ප්‍රියතම කෙනා. ඔහු ආ බොහෝ අවස්ථාවල මම ගිහින් ඔහු ළඟ ගැවසෙනවා. මට මතකයි එක දවසක් මම මාලිනී අක්කා සහ විජය කුමාරතුංගයන් ළඟට ගිහින් ඔවුන් සමග පින්තූරයක් ගත්තා. ඒ පින්තූර තවම මා ළඟ සුරක්ෂිතව තිබෙනවා.
“මාලිනී අක්කා විවාහ වෙන්න සූදානම් වෙලා ඒ පණිවුඩය තාත්තට කියන්න අපේ ගෙදර ආපු එකත් මට හොඳට මතකයි. එදා ලකී (ඩයස්) අයියා එක්ක මාලිනී අක්කා එක එක විදිහට පින්තූර ගත්තා. ඒ අපේ ගෙදරදී. ඒකත් මට හොඳට මතකයි.  එදා අපේ ගෙදර කැවුම් කිරිබත් හදලා අම්මා තේ මේසයක් ඇරියා. මේවා ඇත්තටම මගේ ජීවිතයේ සුන්දර මතක සටහන්.”
සංගීතා පවසන ආකාරයට එදා සිට හිතවත් වූ මාලිනී ෆොන්සේකා අදටත් සංගීතාට ඉතා ලැදිය. සංගීතාත් ඒ සෙනෙහෙවන්තකම මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාට අදටත් දක්වන්නීය.
විජය මාලිනී ඇරුණු කොට ටෝනි, රෝයි ද සිල්වා, ජීවන්, වසන්ති, ඩිලානි ආදී තවත් බොහෝ නළු නිළියන් නිතරම වාගේ පානදුරේ නිවසට එනු සංගීතාට මතකය.

“ඒ දවස්වල මම උදේ නැගිටලා ඉස්කෝ‍ලේ යන්න හදද්දී අපේ ගෙදර සා‍ලේ චිත්‍රපටවලට සම්බන්ධ, තාත්තා එක්ක වැඩ කරන කාර්මික අංශයේ ශිල්පීන් හැමෝම නිදි. මම ඉස්කෝ‍ලේ යන්නෙත් ඔවුන්ගේ ඇඟවල් උඩින් පැනලා. ඒ තරමටම චිත්‍රපටවලට සම්බන්ධ විශාල  පිරිසක් අපේ ගෙදර  නිදා ගන්නවා.”
මේ නළු නිළියන්, කාර්මික ශිල්පීන් ඇරුණු කොට සංගීතලාගේ නිවසට ප්‍රදේශයේ ජීවත් වන සිනමා රසික රසිකාවියන්ගෙන්ද අඩුවක් නැත. “විජය මාලිනී දෙන්නා ඇවිල්ල ඉන්නවා කියන ආරංචිය ගියොත් පානදුරේ මාර්කට් එකේ පවා ඉන්න කට්ටිය අපේ ගෙදර ළඟට දුවගෙන එනව මට හොඳට මතකයි.”

මේ ආකාරයේ සිනමා පසුබිමක් තිබූ වීරරත්න පවු‍ලේ බඩ පිස්සීට සිනමා නිළියක් වන්නට නම් කිසිදා උනන්දුවක් නොවුණ බව මුලින් කීවෙමු. පාසල් යන කාලයේ ඇය සිතුවේ ගිණුම්කරණය විෂයය පැත්තෙන් ඉහළට ඉගෙන ගන්නටය.
“ගෙදරදි දඟ වැඩ කළත් ඉස්කෝ‍ලේදී මම වැඩිපුර දඟකාරකම් කළේ නැහැ. හැබැයි යාළුවෝ එක්ක එකතු වෙලා ටීචර්ගේ පුටුවේ සුදු හුණු තවරලා තියෙන එක, බ්ලැක් බෝඩ් එකේ සබන් අතුල්ලලා තියෙන එක වගේ වැඩනම් ඒ දවස්වල කළා. හැබැයි ඒවාට දඬුවම් විඳලා නම් නැහැ.”
නව යොවුන් වියට එන විට ආදර සබඳතා ඇතිවීම ස්වභාවික දෙයකි. ඒ කාලයේ ඇයටත් එවැනි අත්දැකීම් තිබුණාදැයි අපි විමසුවෙමු.
“ඔය වයසෙදි  ආදර  හැඟීම් පහළ නොවුණා නම් අපි රෝගීන් (සිනාසෙයි). ඇත්තටම එහෙම සිතුවිලි ඇතිවුණා. නමුත් ඉස්කෝ‍ලේදි විනය ඉහළින්ම බලන නිසා ඒවාට වැඩි නැඹුරුවක් තිබුණේ නැහැ. ඒ වගේම ගෙදරදී විශේෂයෙන්ම අපේ තාත්තා සැර නිසා ඔය වගේ පටලැවිලි ඇති කරගන්න බය වුණා.
“අපේ තාත්තා හරිම විනයගරුක කෙනෙක්. ඔහු තමන්ගේ කාර්ය මණ්ඩලයෙන් පවා ඒ විනය බලා‍පොරොත්තු වුණා. එක දවසක් තාත්තා එක්තරා කාර්මික ශිල්පියෙකුට ගෙදරින් එළියට විසිවෙන්න ගැහුවා. ඒ ඔහු මත්පැන් පානය කරලා ආවා කියලා. තාත්තා කවදාවත් දර්ශන තලයේදී කාටවත් අනවශ්‍ය විදිහට කතා කරන්නවත් දෙන්නේ නැහැ”
කෙසේ හෝ මේ සීමාමායිම් නිසා සංගීතාද තමන්ටම වාරණයක් දමා ගනිමින් ජීවත් වූවාය. එහෙත් මනුෂ්‍ය දියණියක් ලෙස යම් යම් අවස්ථාවල සිතේ   හැඟීම් ඇති වූ අවස්ථා ඇය සඟවන්නටද උත්සාහ නොකරන්නීය. “ආදර හැඟීම් ඇතිවෙනවා. නැතිවෙනවා. එහෙම තමයි ජීවිතේ. හැබැයි මේවා දුරදිග ගිය සම්බන්ධතා නම් නමෛයි. දුරදිග ගියේ එකම සම්බන්ධතාවයි. ඒ තමයි රොෂාන්ත එක්ක ඇති වුණු සම්බන්ධය. අන්තිමට ඔහු සමග විවාහ වුණා.”
සංගීතා සිනමාවට ආවේ කෙසේදැයි අපි  කීවෙමු. ඒ කුළුඳුල් සිනමා අත්දැකීමෙන් ම ඇය ගෞරවනීය පුද්ගලයෙකු හඳුනා ගත්තාය. ඒ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාය.
“ඒ වනතුරු මට කවදාවත් මිස්ටර් ෆොන්සේකාව හමුවී තිබුණේ නැහැ. නමුත් ඔහු ගැන අහලා තිබුණා. ඒ නිසාම මට ඔහු ගැන තිබුණෙ විශාල ගෞරවයක්. කොහොම හරි පළමු  දවසේම මට ඔහු හා මිතුරුවෙන්න බැරි වුණත් පසුව හිතවත්කමක් ගොඩනැගුණා”
සංගීතාට ගාමිණී ෆොන්සේකා සමග ‘ඊට්ස් අ මැටර් ඔෆ් ටයිම්’ චිත්‍රපටයේ රඟපාන්නට ලැබුණේ ජවනිකා කීපයක පමණි. එහෙත් එයින් පසු දිනක හදිසියේම වාගේ ගාමිණී ෆොන්සේකාගෙන් දුරකථන ඇමතුමක් ඇයට ලැබුණි. ඒ අනුව ගාමිණී අධ්‍යක්ෂණයකළ ‘නොමියෙන මිනිස්සු’ චිත්‍රපටයේ රඟපෑම සඳහා ඇයට ඇරයුම් ලැබුණි.
“මට එදා ඒක අදහාගන්න බැරි වුණා. ඇත්තටම ඒක පුදුමාකාර අත්දැකීමක්.”
මේ හමුවීමෙන් පසුව ගාමිණී සහ සංගීතා අතර විශාල හිතවත්කමක් ගොඩනැගුණි. “මිස්ටර් ෆොන්සේකා තමයි මට ජීවිතය ගැන හුඟක් දේවල් කියලා දුන්නේ. පාටි එකකට ගිහින් රෑ වෙනකං හිටියත්  මට කතා කරලා අහනවා ‘ඇයි ඔච්චර වෙලා ඔතන ඉන්නේ. පාටිය ඉවරවෙලා අතුගාන්නද? දැන් යන්න ගෙදර’ කියලා කියනවා”
“ඇත්තටම ඔහු මේ දේවල් මට කියා දුන්නේ සාමාන්‍ය කෙනෙක් හැටියට ජීවිතේ සාර්ථක කර ගන්නා ආකාරය කියන්න වගේම වෘත්තීය නිළියක් හැටියට ඉන්නවා නම් ඒ ගරුත්වය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන්නේ කෙසේද කියන කාරණා ඒත්තූ ගන්වන්නයි.”
“මිස්ටර් ෆොන්සේකා ඒ පැත්තෙන් බැලුවහම මට තාත්තා කෙනෙක් වගේ හුඟක් ගුරුහරුකම් ලබා දුන්නා. පසු කාලයේ ඔහුත් පවු‍ලේ හැමෝමත් සමග හිතවත් වුණා. මිස්ටර් ෆොන්සේකාගේ දියණිය තනුජා මගේ හොඳ යාළුවෙක්.”
සංගීතාගේ ජීවිතය තුළ ඇය වඩාත් සංවේදී වූ අවස්ථාවන් කීපයක් ඇත. පියාගේ මරණය මෙන්ම ගාමිණී ෆොන්සේකා හා විජය කුමාරතුංග ආදී ශ්‍රේෂ්ඨයන්ගේ අභාවයන්ද ඇය මහත් සේ කම්පනයට පත් කළ සිදුවීම් විය.
“ඇත්තටම තාත්තා මියගිය පුවත මට දැනගන්න ලැබුණේ ඔහුව බලන්න ගෙදර යමින් සිටි අතරමගදී. එදා මට මොනවා වුණාද මම දන්නේ නැහැ. ආරංචිය ආපු හැටියේ මම වාහනය ඇතුළේ ඒ වේදනාව දරා ගන්න බැරුව කෑගැසුවා. මට මොනවා වුණාද කියන්න මතක නැහැ.”
“ඒ වගේම තමයි මිස්ටර් ෆොන්සේකාගේ මරණය. එයත් මා තුළ අතිවිශාල කම්පනයක් ඇති කළා. විජය අංකල් හා එච්.ආර්. ජෝතිපාලයන් මිය ගිය අවස්ථාවලත් විශාල සිත් වේදනාවක් දැනුණා.”
සිනමා ක්‍ෂේත්‍රයේදී ඔබට තරුණ රංගන ශිල්පීන් කීප‍පොළක් හමුවනවා. කමල්, රන්ජන්, දමිත්, ජීවන්, ශෂී මේ අයත් ඔබ සමග හුඟක් හිතවත් වුණා නේද?
“ඔව්. හැමෝම යාළුවෝ.” 
මේ අය අතරින් ඔබ රන්ජන්ට ඉංග්‍රීසිත් ඉගැන්නුවා. මේක අපිට කිව්වේ රන්ජන්මයි. ‘රැජින” පුවත්පතේ පළවන ඔහුගේ ජීවිත කතාවේදිත් ඔහු ඒ ගැන සඳහන් කර තිබුණා?
(සංගීතා මහ හඩින් සිනාසෙයි.)  “ඒක ඇත්ත. රන්ජන් මේක ප්‍රසිද්ධියේ කියලා තියෙන නිසා මම ඒ ගැන කියන්නම්. ඒ දවස්වල මම ඉංග්‍රීසි කතා කරනවා දැකලා  රන්ජන් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ගැන මා එක්ක කතා කළා. කොහොම හරි අන්තිමට දර්ශන තලවල හමුවෙන හැම අවස්ථාවකදීම ඔහු මාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න ගත්තා. ටෙලිෆෝන් කෝල් එකක් ගත්තත් ඉංග්‍රීසියෙන්ම තමයි කතාව. ඇත්තටම සිනමා නළුවන් හැටියට  ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන තිබිමේ වැදගත්කම මම රන්ජන්ට පැහැදිලි කළා. අන්තිමේ ඔහු හොඳින් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. ඒක ඉතිං මට සතුටක්”
‘සංගීතාට රොෂාන්තව මුණගැහෙන්නේ අපූරු විදිහකට?
“ඔව්. රොෂාන්තව  මම මුලින්ම දුටුවේ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කරපු දවසේ. හැබැයි මට ඒ පිළිබඳව තිබෙන්නේ පුංචි මතකයක් විතරයි.
මිලිනා සුමතිපාල පවුල කියන්නේ මට හුඟාක් හිතවත් පවුලක්. මමත් ඒ පවු‍ලේ අයව ළඟින්ම ඇසුරු කරනවා. දඹුල්ල ක්‍රීඩාංගණය ඉදිකෙරුණේ තිලංග සුමතිපාල මහතාගේ මූලිකත්වයෙන්. සුමතිපාල පවුල සමග තිබුණු හිතවත්කම  නිසා තමයි මම ක්‍රිඩාංගණය විවෘත කරන දවසේ ගියේ.”
කෙසේ හෝ තවත් දවසක සංගීතා ස්වීඩනයට ගියාය. ඒ සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ මිලිනා සුමතිපාල නිෂ්පාදනය කළ ‘දුවට මවක මිස’ චිත්‍රපටයත් සමගය.
“ඔය කාලෙම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත් ධීවර ඇමැති විදිහට එහි පැමිණ සිටියා. ඒ රාජ්‍ය මට්ටමේ සාකච්ඡාවකට. ඔහු මට අපේ තානාපතිතුමා සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී හමුවුණා. කොහොම හරි මහින්ද මහත්තයා එක්ක තවත් ශ්‍රී ලාංකික කීපදෙනකුත් එතැන සිටියා. රොෂාන්තත් ඔහුගේ සොහොයුරු ප්‍රියන්ත අයියාත් ඒ අතර සිටි අය.”
එක් අවස්ථාවක සංගීතා විදෙස් ජාතිකයකු සමග වාදයකට පැටලුනාය. ඒ කතාබහේදී ඔහු ලංකාවේ ත්‍රස්තවාදය ගැන හා ධීවරයන් පිළිබඳව යම් යම් වැරදි ආකල්ප ඉදිරිපත් කරන්නට විය. ලංකාවේ ධීවරයන් නූගත් පිරිසක් බව ඔහු පුලපුලා කීවේය.
“මට මෙතනදී තරමක් කේන්ති ගියා. මම ඔහු සමග වාද කළා” මාළු අල්ලන්න උපාධියක් ඕනද වගේම ත්‍රස්තවාදීන්ගේ කෲර බව ගැනත් කතා කළා.
මේ වාදය අසා සිටි තවත් කෙනෙකු සංගීතාට  එසේ නොකරන ලෙස වටින් ගොඩින් අවවාද කළේ ඇයට පමණක් ඇසෙන පරිද්දෙන්ය.
එදා ඒ විදියට මට අවවාද කළේ රොෂාන්ත. “ඔබ කලාකාරියක්. දේශපාලනය ගැන කතා නොකරන එක හොඳයි නේද” කියලා ඔහු මට සුහදව කිව්වා.
“මේක තමයි අපේ පළමු කතාබහ. ඉන්පසුව අපි දිගින් දිගටම කතා කළා. හොඳ යාළුවෝ වුණා. අවසානයේදී ඔහුගේ පැත්තෙන් අපේ ආදර කතාව පටන් ගත්තා. ඔහොම තමයි අපි දැන හඳුනා ගත්තේ”
“රොෂාන්ත ඉතාමත් නිහඬ ඒ වගේම හොඳට හිතලා බලල වැඩ කරන අපූරු  චරිතයක්. ඔහුව මගේ ස්වාමි පුරුෂයා හැටියට තෝරා ගන්න එකට හේතු වුණේ ඒක විතරයි.”
“ඉතින් මගේ විවාහය, ඒ වගේම දියණිය ‍පෝෂියා ලැබුණු දිනය, මේවා මගේ ජීවිතේ සුවිශේෂ අත්දැකීම්. කලාකාරියක් හැටියට මම සම්මාන කීපයක්ම ලබාගෙන තිබෙනවා. ඇගැයීමට පාත්‍ර වී තිබෙනවා. ඒවාත් මගේ ජීවිතයට වැදගත්.”මේ ආකාරයේ අත්දැකීම් රැසක් කෙටි කාලයක් තුළදී තම ජීවිතයට එකතු කරගත් සංගීතා තවමත් පෙරමුණේ සිටින්නේ කරන දේ කැපවීමෙන් යුතුව කිරීමේ පිළිවෙත නිසාය.
“මම අදටත් රඟපාන්න ආසයි. ඒත් ඇතැමුන් හිතාගෙන ඉන්නවා මම රඟපාන්න එන්නේ නැහැ කියලා. එහෙම රාවයකුත් යනවා. නමුත් හොඳ සිනමා නිර්මාණයකට දායක වෙන්න ලැබුණොත් මම ඒක බාරගන්නවා.” සංගීතා සිනාසී අපේ කතාබහ අවසන් කරමින් එසේ කීවාය.