ජනතා
පෙත්සමක් හේතුවෙන් තම බීම වර්ග වලට යෙදු රසායනිකයක් භාවිතයෙන් ඉවත් කිරීමට
කොකා කෝලා සහ පෙප්සි සමාගම් විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.
පළතුරු රසැති බීම වර්ග වල රසකාරක හොඳින් පැතිරයාම සඳහා බ්‍රෝමිනීකරණය කළ එළවළු තෙල් හෙවත් BVO රසායනිකය භාවිතා කෙරේ.
එය
සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව ලොව විශාලතම බීම නිෂ්පාදකයින් විසින් තහවුරු කර
තිබුණද මිසිසිපි ප‍්‍රදේශයේ 17 වියැති සාරා කැවනාගා පවසා ඇත්තේ BVO යනු
යුරෝපා සංගමය හා ජපානය තුළ තහනම් කර ඇති රසායනිකයක් බවයි.
කැවනාගා
කැමතිම ක‍්‍රීඩා පානය වන ගැටොරේඞ් වෙතින් අදාළ රසායනිකය ඉවත් කරන ලෙස ඇය
Change.org වෙබ් අඩවිය තුළ පෙත්සමක් ආරම්භ කර ඇති අතර දින කිහිපයකින් ඒ
සඳහා අත්සන් ලක්ෂ 2ක් හිමිවී තිබේ.
ඉන්පසු
එය පෙප්සි සමාගමේ සමාන නිපැයුමක් වන පවරේඞ් වෙතින්ද ඉවත් කරන ලෙස ඉල්ලා
තවත් මහජන පෙත්සමක් ආරම්භ කිරීමට සාරා කැවනාගා පියවර ගෙන ඇත.
මෙවැනි
ගැටළුවලට මහජන අවධානය හිමිවීම ඉහළ ගොස් ඇති අතර මේ සමග පෙප්සි සහ කොකාකෝලා
සමාගම් විසින් එය සුක්රෝස් ඇසිටේට් අයිසොබියුටිරේට් නම් රසායනිකයක් මගින්
ආදේශ කිරීමට තීරණය කර ඇති බව කියවේ.
මේ අතර අනාවරණය වී ඇත්තේ වසර 50ක් තිස්සේ BVO රසායනිකය තාවකාලික භාවිතය සඳහා පමණක් අවසර ලද්දක් ලෙස පැවතී ඇති බවයි.
0 comments:
Post a Comment