දෙමටගොඩ,බේස්ලයින් පාරේ අංක40 ලිපිනයේ පදිංචි ෆාතිමා නිලූෆා හුසේන් නැමති 40 හැවිරිදි තිදරු මවක් වන ඇය ඉරිදා(18) ප.ව 4.00 ට පමණ කිසියම් පිරිසක් විසින් දෑස් බැඳ දමා පැහැර ගත් බවත්, පසුව වෑන් රථයක බලහත්කාරයෙන් නංවාගෙන පාළු ස්ථානයකට ගෙන ගොස් කළුවරේම ගසක බැඳ දැමූ බවත් ඇය පවසා තිබේ.
අළුයම තමන් විසින් ලණුව ගලවාගෙන හැටන් විල්ෆ්රඩ්පුර ප්රදේශයේ නිවසක් වෙත පැමිණ මේ ගැන නිවැසියන්ට දැනුම් දුන් බවද කාන්තාව පවසා ඇත.පසුව නිවැසියන් හැටන් විසින් පොලිසියට මේ ගැන දන්වා ඇත. තමන් මීට පෙර කිසිම දිනක හැටන් ප්රදේශයට නොපැමිණි බවත්, තමන්ව පැහැරගෙන ආ අය පිළිබඳව තමන් කිසි දෙයක් නොදන්නා බවත්, ඇය විසින් හැටන් පොලාසියට පැමිණිලි කර ඇත.
තුවාල ලබා සිටින ඇය දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, මේගැන පරීක්ෂණ පවත්වන හැටන් පොලීසිය පවසන්නේ මෙම පැමිණිලිකාරිය වරින් වර ප්රකාශ කරන කරුණු අනුව මෙම සිද්ධිය පිළිබඳව සැක පහල වී ඇති බවය.මෙම කාන්තාවගේ සැමියාට හැටන් පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇති බවත් ඔහුගේ ප්රකාශය අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවත් හැටන් පොලිසිය පවසයි.
0 comments:
Post a Comment