දැනට පොලිස් සේවයේ සිටින කාන්තා නිලධාරීන්ගේ සාමාන්‍ය නිල ඇදුමට අමතරව ඔවුන් සඳහා තවත් නිල ඇදුමක් හදුන්වාදීමට තිරණය කෙරේ.
පොලිස්පතිවරයාගේ ගේ නිර්දේශය මත නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විසින් මේ සදහා අනුමැතිය ලබාදී ඇත.
මෙම නව නිල ඇදුම සාමාන්‍ය පොලිස් නිල ඇදුමට අදාල කාකි වර්ණයෙන් යුක්ත වන අතර කාන්තා පොලිස් කොස්තාපල් / සැරයන් තනතුර සඳහා දිග කලිසමකින් හා කමිසයකින් සමන්විත අතර පොලිස් පරික්ෂක ශ්‍රේණියේ හා සහකාර පොලිස් අධිකාරි ශ්‍රේණියේ නිලධාරීනියන් සඳහා දිග කලිසමක් සහ බුෂ් කෝට් එකකින් සමන්විතය.
කාන්තා නිලධාරීනියන් මෙතෙක් කාර්යාලීය නිල ඇදුම ලෙස සාය හා කමිසය භාවිතා කල අතර” කාර්යාල රාජකාරි හැර වෙනත් රාජකාරි ඉටුකිරිමේදි ඇතිවන අපහසුතා සලකා බලා මෙම නව නිල ඇදුම හදුන්වා දී ඇති බව පොලිසිය කියයි.
තවද ගර්භනී පොලිස් නිලධාරීනියන් සඳහාද නව ඇදුමක් හදුන්වාදීමට පොලිස්පතිගේ නිර්දේශය මත නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය ලබාදී ඇත’
0 comments:
Post a Comment