පසුගිය
පෙබරවාරි 14 වන දා ආදරවන්තයින්ගේ දිනය සැමරූ බවට චෝදනා එල්ල වූ සෞදි අරාබි
ජාතිකයින් 5 දෙනෙකුට එරට අධිකරණයක් විසින් දඬුවම් නියම කරනු ලැබ තිබේ.
අදාළ නඩුව විභාග කළ අපරාධ අධිකරණ ඔවුන්ට
අවුරුදු 32ක බැගින් වූ සිර දඬුවම් සහ කස පහර 4,500ක් නියම කර කරමින් පසුගිය
දා තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
ක්වාසීම් ප්‍රාන්තයේ අල්- ෆරාක් ප්‍රදේශයේ
නවාතැන් පොළකදී ඥාති සම්බන්ධයක් නොමැති කාන්තාවන් 6 දෙනෙකු සමග හුදකලාවේ
සිටීම, මත්පැන් පානය කිරීම, නර්තනයේ යෙදීම ඔවුන්ට එරෙහිව එල්ල වී තිබූ
චෝදනාවන් ය.
අදාළ පුද්ගලයින් ඔවුන්ට එල්ල වී ඇති චෝදනා පිළිගෙන ඇති අතර පසුව අධිකරණය ඔවුන්ට දඬුවම් නියම කර තිබේ.
කෙසේ වෙතත් අදාළ කාන්තාවන්ට කුමන ආකාරයේ
දඬුවමක් පමුණුවන්නේ ද යන්න විනිසුරුතුමා තීරණය කරනු ඇති බ ව ද බලධාරීන්
උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
0 comments:
Post a Comment