දින 15ක බිලිඳකු රුපියල් 15,000කට මිලදී ගත් යුවළක් මන්නාරම තාරාපුරම් ප්රදේශයේදී පෙරේදා (20දා) අත්අඩංගුවට ගත් බැව් මන්නාරම පොලිසිය පවසයි.
බිලිදා විකුණනු ලැබූ මවද වවුනියාව සෙට්ටිකුලම ප්රදේශයේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මන්නාරම පොලිසිය වෙත ලද තොරතුරක් මත බිලිදා වෙළෙදාමේ යෙදුණු කණ්ඩායම අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කීය.
පොලිස් භාරයට ගත් බිලි¼දා පරිවාස භාරයට ඉදිරිපත් කිරීමට නියමිත බව මන්නාරම පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගත් පිරිස මන්නාරම අධිකරණය වෙත ඊයේ (21දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
0 comments:
Post a Comment