ඔබත් ඔබේ ෆේස්බුක් ගිණුම හෝ ට්විටර් ගිණුම නිරන්තරයෙන් පරික්ෂාවට ලක් කරනවාද? එසේනම් ඔබටත් Blue Bird උණ රෝගය වැලඳී තිබිය හැක.
පසුගියදා
රුසියාවේ පැවති World Congress of the World Association for Dynamic
Psychiatry (WADP) හිදි සමාජ ජාල වෙබ් අඩවියන් වෙත පමණට වඩා ඇබ්බැහි වීම
පිලිබඳ පුළුල් වශයෙන් සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබේ.
මත්පැන්
දුම්වැටි සේම සමාජ ජාල ඇබ්බැහියත් 80% කින් පමණ එයට සමාන ප්‍රතිකාර ගත
යුතු තත්ත්වයක් බව එම සමුළුවේදී පෙන්වා දී තිබේ. මෙම ඇබ්බැහි වීම් දෙක අතර
ඇත්තේ මත් ද්‍රව්‍යය වලින් ශරීරයට වන රසායනික හානිය පමණක් බවයි ඔවුන්
විසින් පෙන්වා දී ඇත්තේ.
කලක්
රූපවාහිණි, ගුවන්විදුලි සදහාත් මේ ආකාරයේ අබිබැහි විමේ රෝගා බාධ තිබු බවත්
සමාජ ජාල වෙබ් අඩවි යනු එම තත්වයේ අලුත්ම පියවර බවත් එම සමුළුවේදී හෙළිකොට
තිබේ.
0 comments:
Post a Comment