ප්රකට ටෙලි නිළි ගයේෂා පෙරේරාගේත් ඇගේ දීර්ඝ කාලීන පෙම්වතා වන හසන්ජිත් කුරුප්පුආරච්චිගේත් විවාහ උත්සවය ලබන ජුනි මස මුලදී පවත්වන්නට දැන් සියලූ කටයුතු සූදානම් කර ඇත.
වසර ගණනාවක් තිස්සේ මේ දෙදෙනා විවාහ වන බවට විවිධ ආරංචි පැතිර ගියත් එය දිනෙන් දිනම කල් ගියා. පසුගිය කාලයේ චිත්රපටයක නිරුවත් රංගනය නිසා ගයේෂා ගැන ක්ෂේත්රයේ ආන්දෝලනයක් හටගත් අතර ඉන් පසු ඇය පසුගිය පළාත් සභා මැතිවරණයේ අපේක්ෂිකාවක් වන්නට අයදුම් කර ටික දිනක් ආන්දෝලනාත්මක පුවත් මැවුවා. නමුත් ඇයට මැතිවරණයේ තරග කරන්නට අවස්ථාව ලැබුනේ නැති අතර රජයේ මැතිවරණ වේදිකාවල ගයේෂා ඉන් පසු දක්නට ලැබුණා.
ලබන ජුනි මස දෙවන සතියේ කොළඹදී ගයේෂාත් හසන්ජිතුත් විවාහ වන්නට දින නියම කරගෙන තිබෙන අතර ඒ සඳහා වන උත්සවයේ ආරාධනා පත්රද දැන් කලා කරුවන් වෙත බෙදා හැර ඇත.
0 comments:
Post a Comment